OLPC | පොත් වෙනුවට ලැප්ටොප්!

මතු කාලයේදී පන්තියට එන ගුරුතූමාට හෝ ගුරුතුමියට ළමයින්ට කියන්නට වෙන්නේ "ආ.. ළමයි පොත් ගන්න.." කියා නොව "ළමයි ලැප්ටොප් එක ගන්න.." කියාය. එසේ කියන්නට හේතුව මේ ලිපියේ මාතෘකාව වන OLPC ව්‍යාපෘතිය නිසාය.
මොකද්ද OLPC කියන්නේ?
                                                                OLPC කියන කෙටි යෙදුමේ දිගු අර්ථය One Laptop Per Child යන්නයි. එනම් "සෑම ළමයෙකුටම ලැප්ටොප් එකක්" යන අදහසයි. මෙම ව්‍යාපෘතියේ අරමුණ ලොව සෑම ළමයෙකුටම මිලෙන් හා ශක්ති භාවිතයෙන් අඩු රළු භාවිතයට ඔරොත්තු දෙන ලැප්ටොප් එක බැගින් ලබා දීමයි. දියුණු වන ලෝකයේ ඊට අනුරූපව සිය දැනුම වැඩි දියුණු කර ගනිමින් ලොව පුරා සිටින අනෙක් සිසුන් ද සමග සම සමව දැනුම බෙදා හදා ගනිමින් ඉගෙන ගැනීමට සැලැස්වීම මෙහි අරමුණකි. ලොව පුරා සිටින දරුවන් බොහෝ දෙනෙකුට පරිගණකයක් ලබා ගැනීමට තරම් ආර්ථික පහසුකම් නොමැත. එම නිසා ලොව දියුණු වූවාට ඒ සමගම නැගී සිටීමට තරම් මේ දරුවන් හට ශක්තියක් නැත. මේ ව්‍යාපෘතියෙන් එවැනි දරුවන්ට සහනයක් සැලසේ. මෙහි සබාපති වන්නෙ නිකලස් නිග්‍රොපොන්ටේ (Nicholas Negroponte) වන අතර මෙම ව්‍යාපෘතිය ආරම්භ වූයේ මීට අවුරුදු 10 කට කලින් එනම් 2005 ජනවාරිය.
XO ලැප්ටොප්
             OLPC මගින් දරුවන් හට ලබා දෙන ලැප්ටොප් එක හඳුන්වන්නේ XO කියාය. මෙම ලැප්ටොප් මූලික සංස්කරණ 4 ක් පැමිණ ඇති අතර දැන් තිබෙන්නේ එහි 4වන සංස්කරණය වන XO 4 යි. මුලින්ම ආවේ XO-1 යි.පැරණි සංස්කරණ වලට වඩා අළුත් XO ලැප්ටොප් එකෙහි ‍රැම් මතකය වැඩි දියුණු කර ඇත. එසේම එහි ටච් පෑඩය හා කීබෝඩයද දියුණු කර ඇත. මේ එහි දෘඩාංඟ විස්තරයයි.
  • ප්‍රමාණය : 242mm×228mm×32mm
  • බර : 1.36KG (බැටරිය සමග 1.58KG)
  • ප්‍රොසෙසරය : Marvell PXA2128 System on Chip - 1 - 1.2 GHz
  • ‍රැම් මතකය :  1 GB හෝ 2 GB DDR3 L SDRAM
  • ස්ථිර මතකය : 4 Gibytes or 8 GiBytes of eMMC NAND Flash memory
  • ග්‍රැ‍ෆික්ස් :  Integrated w/ CPU
  • තිරය : Rotatable 7.5” Dual-Mode (sunlight-readable) TFT display (200 DPI)

මීට අමතරව වෙබ් කැමරාවක් ,WiFi පහසුකම් වලින්ද සමන්විත වේ.

මෙහෙයුම් පද්ධතිය
                         XO ලැප්ටොප් එක ක්‍රියාත්මක වන්නේ ඒ සඳහාම නිපදවූ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියකිනි. එපමණක් නොව මේ සමග දරුවාට තම හැකියාවන් දියුණු කර ඉගෙනගැනීමට ඊටම ආවෙනික මෘදුකාංඟ ගණනාවකින් සමන්විතය. දරුවා ප්‍රියකරන විෂය පථය ඔස්සේ සිය දැනුම දියුණු කර ගැනීමට  මෙහි මෘදුකාංඟ සපයා ඇත.
ක්‍රියාත්මක රටවල්...
               ලොව පුරා රටවල් 42ක මිලියන 2 කට අධික දරුවන් පිරිසක් XO ලැප්ටොප් භාවිතා කරයි. මේ අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වේ. 2009 වර්ෂයේ දෙසැම්බර් 10 වනදා අපේ රටේ ඇරඹි මේ ව්‍යාපෘතියට ලැප්ටොප් 1,350 ඇතුලත් විය. ඒවා සිංහල හා දෙමළ භාෂාවෙන් ක්‍රියාත්මක වේ. ලෝක බැංකු ආධාර යටතේ ආරම්භ වූ මෙය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇත.
Previous
Next Post »