අන්ධ අයට දිවෙන් පාර පෙන්වන උපකරණයක්

ඇස් අන්ධ අයට සාමාන්‍ය පරිදි ගමන් බිමන් යාමට නොහැකියි. ඔවුන්ගේ දෑස් නොපෙනෙන නිසා ඉදිරියේ ඇති බාධක හඳුනා ගැනිමට ඔවුන් භාවිතා කරන්නේ කෙවිටක්. දැන් විවිධ වූ තාක්ෂණික උපාංඟ මෙවැනි ආබාධිත අය වෙනුවෙන් නිපදවෙනවා. මේ එවැනි නිපැයුමක්....
මෙය හඳුන්වා ඇත්තේ බ්‍රේන් පෝට් (BrainPort V100) ලෙසයි. මේ උපකරණයේ ඇති විශේෂත්වය වන්නේ මාර්ගය පෙන්වීම හා ඊට අදාල සංවේදන ලබා දෙන්නේ අන්ධ පුද්ගලයාගේ දිවට වීමයි. ඇතැම් ආබාධිත පුද්ගලයන් අන්ධ බාවයට අමතරව බිහිරි බවින්ද පෙලෙයි. එම නිසා එවැනි අයටත් උචිත වන් ලෙස මේ උපකරණය නිපදවා ඇත.
                                                   මේ උපාංඟයේ ප්‍රධාන කොටස් වන්නේ ඇස් කණ්නාඩියට සම්බන්ධ කැමරාව, කැමරාවෙන් එන දර්ශණ සකසා සංඥා නිකුත් කරන උපාංඟය හා දිවට සම්බන්ද වන කොටසයි. මෙසේ දිවට සම්බන්ධ වන කොටස තුල ඉතා කුඩා ඉලෙක්ඩ්‍රෝඩ 144 (microelectrodes) ක් තිබේ. එම ඉලෙක්ට්‍රෝඩ මගින් දිවේ ඇති සංවේදී ස්නායු තන්තු හරහා මොළයට පණිවිඩයක් නිකුත් කරයි. එම පණිවිඩ මගින් මොළය යම් රූපයක් මවා ගනියි. එමගින් බාධක මග හරිමින් ගමන් කිරීමට පුද්ගල්යාට හැකිය.
                                          බාහිරින් දෙන සංඥාවකට වඩා ස්නායු වලටම දෙන සංඥා මොළය පහසුවෙන් හා වේගවත්ව හඳුනා ගනී. එම නිසා සාමාන්‍ය මිනිසෙකු ඇවිද යන වේගයෙන්ම අන්ධ පුද්ගලයාටද ඇවිද යා හැකිය. එපමණක් නොව යම් උපකරණයක හැඩය, ප්‍රමාණය, පරතරය, යනාදී සියල්ලම දැන ගැනීමටද හැකියාව මේ උපකරණය සතුය. ඇමරිකාවේ ආහාර හා ඖෂද අධිකාරියේ (FDA අනුමැතියද මෙම උපකරණයට ලැබී ඇත. ඉදිරියේදී IR, Sonar වැනි සංවේදක ඇතුලත් කරමින් මේ උපකරණය දියුණු කිරීමට නිෂ්පාදකයින් බලාපොරොත්තු වේ.
Previous
Next Post »