කමාන්ඩ් ප්‍රොම්ට් එකෙන් ස්ටාර් වෝස් IV බලමුද?

ස්ටාර් වෝස් කතාව බලල තියෙනවා ඇතිනේ... නැතිවුනත් කමක් නෑ... මේ හදන්නේ ඒ ‍ෆිල්ම් එක කලු සුදු පාටින් අකුරු වලින් කමාන්ඩ් ප්‍රොම්ට් එකෙන් බලන්න... කොටින්ම කිව්වොත් ASCII කේත වලින් කමාන්ඩ් ප්‍රොම්ට් එකෙන් බලන්න .කට හඬ නෑ... උපසි‍රැසි තියෙනවා. කියෙව්වට වැඩක් නෑ කරලම බලන්න. මේක ඕනිම කෙනෙක්ට කරන්න පුලුවන් ටිකක් සිම්පල් වැඩක්! 
මෙන්න කරන විදිය..>>>

1. මුලින්ම Start මෙනු එකට ගිහින් Run කියල ටයිප් කරලා Run වින්ඩෝ එක ඕපන් කරගන්න. (කී බෝඩ් එකේ Win+R එබුවත් හරි)
2. දැන් telnet towel.blinkenlights.nl කියල එක අකුරක් අඩු නැතුව ටයිප් කරල Enter කරන්න. මේකම කොපි කරල අතෑරියත් අවුලක් නෑ..!
                              ඒත් මේ වැඩේ කරන්න හදන කොට පොඩි ගැටලුවක් ඇතිවෙන්නත් පුලුවන්. ඒ තමයි පහලින් තියෙනවා වගේ දෝෂ පණිවිඩයක් එන්න පුලුවන්.වින්ඩෝස් වල තියෙන telnet එක off වී තියෙන එක තමයි මේ දෝෂයට හේතුව.
                                ඒකට පිලියම් කරන්න මුලින්ම Start මෙනු එකෙන් Control Panel එක ඕපන් කරලා ඒකෙ තියෙන Programs කියන එක ක්ලික් කරලා මතුවෙන වින්ඩෝ එකෙන් "Turn Windows features on or off" කියන එක ක්ලික් කරන්න. 
               දැන් මතුවෙන වින්ඩෝ එකේ තියෙන ලයිස්තුවෙන් Telnet Cliant කියන එක ක්ලික් කරන්න. දැන් වැඩේ හරි.... 
                              ආයෙත් Run එකේ telnet towel.blinkenlights.nl කියන එක ටයිප් කරල Enter කරන්න .
                      දැන් පොප් කෝන් එහෙම අරගෙන ඉඳගන්න... කමාන්ඩ් ප්‍රොම්ට් එකෙන් ස්ටාර් වෝස් බලන්න! හැබැයි රජෝ මේ ඔක්කොම කරන්න ඉන්ටනෙට් තියෙන්න ඕනි හොඳේ... ස්පීඩ් එක ගැටලුවක් නෑ... වැඩිය ඩේටා කැපෙන්නෙත් නෑ..

Previous
Next Post »