Friday, January 20, 2017

ෆෝන් එකෙන් සින්දු කියන්න Smule

හැමෝම වගේ කැමතියි සින්දු අහන්න. ඒ වගේම කියන්න. මියුසික් නැතුව කියනවට වඩා මියුසික් එකත් එක්කම කියන්න තියෙනවනම් හොඳයි. ඒ සින්දු රෙකෝඩ් කරගන්න තියෙනවනම් තවත් හොඳයි.
smule කියන්නෙ කැරෝකෙ විදිහට සින්දු කියන්නම හදපු මොබයිල් ඇප් එකක්. ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් දෙකටම නිකුත් කරල තියෙනවා. smule ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න ඕනි කෙනෙක්ට තමන්ගෙ කට හඬින් සින්දු කියන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි. යුගල ගායනා වගේම ගොඩ දෙනෙක් එක්ක වුනත් සින්දු කියන්න පුලුවන්. ප්‍රසිද්ධ, ප්‍රවීණ ගායක ගායිකාවන්ගෙ සිංදු මේ ඇප් එක හරහා කියන්න වගේම අප්ලෝඩ් කරන්න පුලුවන්.
ඇප් එක අන්ලොක් කරගන්න මුලින්ම සින්දුවක් ‍තෝරගෙන තනියෙන් කියන්න ඕනි. ඊට පස්සෙ පුලුවන් අනිත් සින්දූ කියන්න. මේ ඇප් එකේ ඉතුරු සිංදුත් තනියෙන් කියන්න නම් VIP pass එකක් ගන්න ඕනි. හැබැයි ඒකට මාසෙකට $4.99 නැත්නම් අවුරුද්දට $39.99 ගෙවන්න ඕනි. එහෙම නැතත් දැනට කෙනෙක් කියපු සින්දුවක ඉතිරි කොටස් කියන්න නම් කිසිදු ගෙවීමක් කරන්න ඕනි නෑ. කියන සිංදුව වගේම  වීඩියෝ රෙකෝඩ් කරන්නත් මේ ඇප් එකෙන් පූළුවන්.
smule ඇප් එකෙන් සින්දු කියනකොට ගායනයෙ තත්වය වැඩි කරගන්න නම් අමතරව ෆෝන් එකේ හෙඩ් සෙට් එක (ඉයර් ෆෝන් එක) තියෙනවා නම් ගොඩක් හොඳයි. සින්දුව කිව්වට පස්සෙ කටහඬට විවිධ ඉෆෙක්ට් දාන්න වගේම තමන්ගෙ හඬ ෆේස්බුක්, ඊමේල් හරහා බෙදා හරින්නත් පුලුවන්. දැනටමත් අපේ රටේ  ගොඩක් අය, විදෙස් ගතව ඉන්න අය පවා මේ ඇප් එකෙන් ගීත ගායනා කරනවා. ලංකාවෙ සිංදු විතරක් නෙවෙයි ලෝක ප්‍රසිද්ධ ගීතත් මේකෙ තියෙනවා. පාළුව, තනිකම මකාගන්න මේක හැමෝටම හොඳ ඇප් එකක්.



No comments:

Post a Comment