Thursday, April 14, 2016

UEFI කියන්නෙ මොකද්ද?

 මුලින්ම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!  ලුත් ලැප්ටොප් වලට ඩෙස්ක්ටොප් වලට වින්ඩෝස් හරි ලිනක්ස් හරි 64 බිට් වලින් ඉන්ස්ටෝල් කරනකොට සමහර අය දැකල ඇති UEFI Firmware කියල යෙදුමක්. ඇත්තටම මොකද්ද මේ UEFI කියන්නේ?
                                                      UEFI කියන එකේ දිගු අර්ථය තමයි Unified Extensible Firmware Interface කියන්නෙ. UEFI කියන්නෙ BIOS වල අලුත් මුහුණුවරක්.
BIOS කියන්නෙ?
                             පරිගණකය ක්‍රියාත්මකවන වෙලාවට මුලින්ම යොමුවෙන්නෙ BIOS (Basic Input Output System) වැඩසටහන වෙතටයි. මේ වැඩසටහන මගින් කෙරෙන්නෙ පරිගණකය ක්‍රියාත්මක වෙන්න කලින්, ඒකට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා තිබේද යන්න පරික්ෂා කිරීමත් ඒවා සපුරා ඇත්නම් යොදා ඇති අනුපිලිවෙළ අනුව පරිගණකයේ මෙහෙයුම් පද්ධතියෙන් පරිගණකය ක්‍රියාත්මක කිරීමයි. 
                                 මේ වැඩසටහන මවුපුවරුවේ CMOS (Complementary metal–oxide–semiconductor) කියන විශේෂ චිපයක් තුල ඇතුලත් කර තිබේ. පරිගණකයේ දිනය, වේලාව ක්‍රියාත්මක වෙන්නෙත් මේ චිප් එකේ පිහිටෙන්. මවුපුවරුව හොඳින් බැලුවොත් පොඩි ඔරලෝසු බැටරියක් (Button Cell) එකක් දැකගන්න පුලුවන්. 

                       ඒකෙන් තමයි පරිගණකයට විදුලිය නැති වේලාවට දිනය වෙලාව ක්‍රියාත්මක කරන්නෙ. (මේ බැටරිය බැසයාම පරිගණකයෙ දිනය වෙලාව නිතර වෙනස් වෙන්න ප්‍රධාන හේතුවක්).
UEFI
ඇත්තටම UEFI, BIOS වල අලුත් ඔප්ෂන් එකක් කියල කියන්නත් පුලුවන්.මේ අලුත් ක්‍රමයේ තියෙන විශේෂ ආරක්ෂක උපක්‍රමයක් තියෙනවා. මාස්ටර් බූට් රෙකෝඩ් (Master Boot Record) එක වෙනුවට බූට් මැනේජ්මන්ට් සිස්ටම් (Boot Management System) එකක් යොදා ගන්න එක ඒ උපක්‍රමයයි . පරිගණක වෛරස වර් ගයක් වෙන බූට් සෙක්ටර් වෛරස (Boot Sector Virus) වල ප්‍රධාන ඉලක්කය වෙන්නෙ මේ මාස්ටර් බූට් රෙකෝඩ් එක. බූට් මැනේජ්මන්ට් සිස්ටම්  එකේදී ඒ අවථාව මගහැරෙනවා.
ඒ වගේම සාමාන්‍ය නිල් පැහැති බයෝස් තිරය වෙනුවට GUI (Graphical User Interface) නැත්නම් චිත්‍රක අතුරුමුහුණතකින් යුක්තවෙනවා. ඒ වගේම අලුත් මාදිලියේ පරිගණක වල පරිගණකයේ තියෙන දෘඩාංඟ වලට සමීප වෙන්න මවුපුවරුවට ලැබෙන මෘදුකාංඟ වලට හැකියාවක් ලැබෙනවා. වින්ඩෝස් ලෝඩ් වෙනකොට වැටෙන වින්ඩෝස් ලාංඡනය වෙනුවට පරිගණකයේ ලෝගෝ එක වැටෙන්නෙ ගොඩක් වෙලාවට UEFI වලින් ක්‍රියාත්මක වෙන පරිගණක වල.
MBR ඩිස්ක් වල නම් බැහැ ගොයියෝ!
සාමාන්‍යයෙන් අලුත් පැරණි ගොඩක් පරිගණක වල ක්‍රියාත්මක වෙන්නෙ MBR නැත්නම් මාස්ටර් බූට් රෙකෝඩ් ක්‍රමයට සකසපු හාඩ් ඩිසක් (මිලට ගන්නා විට DOS පමණක ඇති හෝ වින්ඩෝස් හෝ ලිනක්ස් බිට් 32 මෙහෙයුම් පද්ධති ඉන්ස්ටෝල් කර ඇති). ඒත් UEFI ක්‍රමයේදී MBR ඩිස්ක් තුල ගබඩා කරන්න හැකියාවක් නැහැ.
                           ඒ වෙනුවට හාඩ් ඩිස්කයේ GPT(Guid Partition Table) ක්‍රමය භාවිතා කල යුතුය. සාමාන්‍යයෙන් මේ ආකාරයට පරිවර්ථනය කරන්න නම් හාඩ් ඩිස්ක් එක ෆෝමැට් කරන්න වෙනවා. එහෙම නැතුව තියෙන දත්ත එලෙසම තියාගෙන පරිවර් ථනය කරන්න විශේෂ සොෆ්ට්වෙයා එකක් යොදා ගන්න පුලුවන්. AOMEI Partition Assistant කියන්නෙ ඒකත හොඳ සොෆ්ට්වෙයා එකක්. 
                                 උදව් ඕනෙ කෙනෙක් ඉන්නව නම් කියන්න. මේ පෝස්ට් එකෙන් කලේ මූලික් හැඳින්වීමක් විතරයි. මේ වැඩේ කරන්න ඉස්සර මුලින්ම තමන්ගෙ ලැප් එක ඩෙස්ක්ටොප් එක UEFI වලට සපෝට් කරනවද කියලා හොයල බලන්න.

No comments:

Post a Comment