Wednesday, April 6, 2016

බ්ලොගයේ ලිපි බැකප් කරන්නෙ මෙහෙමයි [බ්ලොගර් Tips]

බ්ලොගර් වල දාන පෝස්ට්, පේජ් වගේම කොමෙන්ට් ටික තියෙන්නෙ අපේ කොම්පියුටරයෙ නෙවෙයි. ඒ හින්දා මොකක් හරි අලකලංචියක් වෙලා බ්ලොග් එකෙ පෝස්ට් ටික නැති වුනොත් මොකද කරන්නෙ? ඉතිං ඒ හින්දා මේ කියල දෙන්නෙ අවදානමට පෙර සූදානම් වෙන හැටි කියල දෙන්න.
*මේ වැඩේට බ්ලොගර් වල පහසුකමක් තියෙනවා.මුලින්ම කන්ට්‍රෝල් ඇනල් එකට (බැක් එන්ඩ් එක) ගිහින් වම් පැත්තෙ තියෙන මෙනු එකෙන් Settings කියන එක ක්ලික් කරන්න.
*දැන් ඒතනින් පහලට මතුවෙන මෙනුවෙන් Other කියන එක ක්ලික් කරන්න.
*එතකොට දකුණු පැත්තෙ මතුවෙන සැකසුම් හදන්න තියෙන පි‍ටුවෙ ඉහලම තැන Import & back up කියල තියෙනවා.
*එතන තියෙන Content (pages, posts & comments) එකට ඉදිරියෙන් Import Content , Back up Content කියල බට්න් 2ක් තියෙනවා. ඒ 2න් Back up Content  කියන බට්න් එක ක්ලික් කරන්න.
*දැන් xml කියන එක්ස්ටෙන්ෂන් එක (******.xml) තියෙන ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න එයි. මේ ෆයිල් එක පරිසම් කරල තියාගන්න ඕනි. මේක තමයි බැකප් ෆයිල් එක.

බැකප් කරපු තොරතුරු නැවත පිහිටවන හැටි

                                                              හදිස්සියේ මොකක් හරි වෙලා නැත්නම් අලුත් බ්ලොග් එකකට මාරු වෙන කොට හරි ඉස්සර වෙලා බැකප් කරගත්තු බැකප් ෆයිල් එක ප්‍රයෝජනයට ගන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නෙ මුලින් කරපු විදියටම Settingss-> Other -> Import & back up කියන එකට ගිහින් Import Content ක්ලික් කරලා බැකප් ෆයිල් එක සිලෙක්ට් කරලා ඕපන් කරගන්න. 
Automatically publish all imported posts and pages කියන චෙක් බොක්ස් එක සිලෙක්ට් කරල තිබුණොත් ඉම්පොර් ට් කරපු පෝස්ට් ස්ව්‍යංක්‍රීයවම පබ්ලිශ් වෙනවා.


ප.ලි:
වර්ඩ් ප්‍රෙස් සයිට් එකක් බැකප් කරන හැටි
                        වර්ඩ් ප්‍රෙස් කියන්නෙ බ්ලොගර් වලට වඩා ටිකක් සංකීර්ණ සේවයක් . මේකෙ දත්ත තැන්පත් වෙන්නෙ mySQL ඩේටා බේස් එකක. ඒ හින්ද සාමාන්‍ය විදියට අඩවිය බැකප් කරන එක ටිකක් සංකීර්ණ වැඩක්. ඒ නිසා ඒ වෙනුවෙන් නිර්මාය කෙරුන වර්ඩ් ප්‍රෙස් ප්ලගින් එකක් ඉන්ස්ටෝල් කරල මේ වැඩෙ ලේසියෙන්ම කරගන්න පුලුවන්.
මේකට තියෙන හොඳම ප්ලගින් එකක් තමයි Updraft Plus කියන්නෙ. මෙතනින් ගිහින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඊටපස්සෙ වර්ඩ් ප්‍රෙස් සයිට් එකට ගිහින් ඩෑෂ් බෝඩ් එකේ පහලින් තියෙන Plugins කියන එක ක්ලික් කරන්න. 
                       එතකොට දකුණු පැත්තෙන් මතුවෙන පි‍ටුවෙ උඩින් තියෙන Upload Plugin එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරපු ප්ලගින් එක ඉන්ස්ටොල් කරන්න පුලුවන්. (ඕනි නම් එතනින්ම සර් ච් කරලා ඉන්ස්ටෝල් කර් න්නත් පුලුවන්) 

                   ඒක ඉන්ස්ටෝල් උනාට පස්සෙ ඒකට යටින් තියෙන Activate Plugin ක්ලික් කරන්න.
දැං මේ ප්ලගින් එකෙන් සයිට් එක බැකප් කරන්න, රී ස්ටෝ කරන්න පුලුවන්. ඩ්‍රොප් බොක්ස් එකට, ගූගල් ඩ්‍රයිව් වගේම තමංගෙ පරිගණයටම උනත් සයිට් එක බැකප් කරන්න පුලුවන්.

No comments:

Post a Comment