Windows 3.0 නිකුත් වී වසර 25යි!

අද ලෝකයේ තිබෙන පරිගණක වැඩි ගණනකම ක්‍රියාත්මක වෙන්නේ කුමක් හෝ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකිනි. භාවිතයට පහසු අතුරු මුහුණතකින් හා යෙදුම් වලින් සමන්විත වූ වින්ඩෝස් ඒ නිසාම ලොව පුරා ජනප්‍රිය විය. දැනට තිබෙන නවතම සංස්කරණය වින්ඩෝස් 10 බව දැනටමත් දන්නා දෙයකි. මුල් කාලයේ මෙහෙයුම් පද්ධති විධාන ලබා දෙමින් ක්‍රියාත්මක කිරීමට සිදුවිණි (Comand Line Interface).වින්ඩෝස් ද එසේ විනි. මේ තත්වයෙන් බැහැරව වර්ණ සහිත තිරයක් හා මෙනු සහිතව ඉදිරිපත් කල ප්‍රථම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 3.0 යි. ඉකුත් 22 දා එය නිකුත් කර අවුරුදු 25 ක් ගතවිණි.
වින්ඩෝස් 3.0 නිකුත් කරන ලද්දේ 1990 මැයි 22 දා යි. මෙම මෙහෙයුම් පද්ධතිය මයික්‍රෝසොෆ්ට් සමාගමේ ප්‍රථම පුළුල් පරාසයක පැතිරුණු පද්ධතිය විණි. 16 bit (286 පාදක ප්‍රොසෙසර් සඳහා) හා 32 bit (386 පාදක ප්‍රොසෙසර් සඳහා) ලෙස සංස්කරණ දෙකකින් මෙය නිකුත් විය.
වින්ඩෝස් 3.0 නිකුත් කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ එවකට ජනප්‍රියව තිබූ ඇපල් සමාගමේ මැකින්ටෝෂ් පද්ධතියට තරඟයක් දීමටය. භාවිතයට පහසු හා සරල කන්ට්‍රෝල් පැනලයක් හා භාවිත කරන්නාට වඩා සංවේදී යෙදුම් වලින් සමන්විත විය. තවද ඇපල් මෙන් පරිගණකය සමගම නොව තමාට අවශ්‍ය පරිදි ස්ථාපණය කර ගත හැකි ලෙස ෆ්ලෝපි ඩිස්ක් මගින් ලොව පුරා වින්ඩෝස් 3.0 අලෙවි විණි. මෙය ඇපල් මෙහෙයුම් පද්ධතියට දැඩි පහරක් විය. ඇපල් අතුරු මුහුණත අනුකරණය(user interface) කලා යැයි මයික්‍රෝසොෆ්ට් ඇපල් අතර ආරවුලක් ද හට ගෙන නඩු දක්වාද එය දුර දිග ගියේය.

        පහතින් දැක්වෙන්නේ එය ක්‍රියාත්මක වීමට පරිගණකය තිබිය යුතු වූ අවම සුදුසුකම් ය...

  • 8086/8088 හෝ ඊට වැඩි ප්‍රොසෙසරයක්
  • 1 MB  හෝ 2 MB ‍රැම් මතකයක්
  • 6-7 MB හිස් ඉඩක් සහිත් හාඩ් ඩිස්කයක්
  • CGA/EGA/VGA/Hercules/8514/A/XGA ග්‍රැ‍ෆික් හා ඊට සහය දක්වන මොනිටරයක්
  • MS-DOS  3.1
වින්ඩෝස් 3.0 අදටත් සැලකෙන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ වාසනාවන්තම මෙහෙයුම් පද්ධතිය ලෙසයි. එසේම එය පරිගණක නිෂ්පාදන කර්මාන්තය ද වෙනස් මාවතකට ගෙන ඒමට වින්ඩෝස් 3.0 සමත්විණි.

Previous
Next Post »