ලේසියෙන් සෙටප් විසාඩ් හදන්න පුංචි සොෆ්ට්වෙයා එකක්

VB, JAVA, C# වගේ ප්‍රෝග්‍රැමින් ලැන්වේජ් පාවිච්චි කරලා පොඩි පොඩි සොෆ්ට්වෙයා අපිට ගෙදර ඉඳන්ම හදා ගන්න පුලුවන්. ඒත් අපි හදපු ප්‍රෝග්‍රෑම් වෙන කොම්පියුටරයක රන් කරන්න ගියාම නොයෙක් ගැටලු මතුවෙනවා. උදාහරණයක් විදිහට අපි විෂුවල් බේසික් වලින් හදපු සමහර ප්‍රෝග්‍රෑම් වලට ඇඩ් කරන කොම්පෝනන්ට් නිසා ඒවා අනෙක් කොම්පියුටර් වල රන් කරන කොට දෝෂ ඇත්වෙනවා. ඒකට හේතුව අපි යොදා ගත්තු කොම්පෝනන්ට් එක ඒ කොම්පියුටරයෙ නොතිබීම (ocx, dll වගේ ෆයිල්). මේකට කරන්න තියෙන විසඳුම තමයි සෙටප් එකක් හදන එක. එතකොට අපි යොදාග්ත්ත කොම්පෝනන්ට් එහෙමත් ඒවත් එක්කම රෙජිස්ටර් කරන්න පුලුවන්. 
              මේ විදිහට ලේසියෙන්ම සෙටප් හදාගන පුලුවන් සුපිරි සොෆ්ට්වෙයා එකක් තමයි ඉන්ස්ටෝල් ක්‍රියේටර් (Install Creater) කියන්නේ. මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට කැමති විදිහට වැඩි කරදරයක් නැතුවම සෙටප් හදාගන්න පුලුවන්. 
                ඕනෙ කෙනෙක්ට පුලුවන් පහලින් ඩවුන්ලෝඩ් කරගන්න (2.94MB).

Previous
Next Post »