TV රිමෝට් එකෙන් විදුලි උපකරණ ක්‍රියාත්මක කරන පරිපථය

මේ සර්කිට් එක 100% නිවැරදිව ක්‍රියාත්මක වෙන  අඩු උපාංඟ ගණනක් තියෙන, අඩු වියදමකින් හදාගන්න පුලුවන් සරල පරිපථයක්. හැබැයි මේක ප්‍රයෝජනය නම් ගොඩක් වැඩියි. මේ සර්කිට් එක මම හදල ක්‍රියාත්මක කරලා බැලුවා. ඒක හින්ද තමයි 100% වැඩ කියල කිව්වෙ. රෑ කාලෙදි අඳුරෙ අත පත ගාන්නෙ නැතුව ලේස්යෙන්ම බල්බ් එකක් පත්තු කරන්න නිවන්න මේක යොදා ගන්න පුලුවන්.මේක ඕනෙම TV, DVD, Mp3 Player  රිමෝට් එකකින් වැඩ කරනවා.
විශේෂයෙන් කියන්න ඕනි මේකෙ තියෙන IR සෙන්සර් එක (TSOP 1738) ගැන. මේ IR සෙන්සර් එක හොයා ගන්න බැරි උනොත් ඒ වෙනුවට වෙන වර්ගයක එකක් ගන්න පුලුවන්. හැබැයි ඒ එකින් එකට අග්‍ර වෙනස් වෙනවා. ඒ හින්ද ගන්න කොට ඒ සෙන්සර් එකේ අංකය හරියට බලල  හරියට අග්‍ර සම්බන්ඳ කර ගන්න.
       මේ සර්කිට් එකේ ප්‍රධානම උපාංඟය තමයි CD4017 , IC එක. උපාංඟ ටික ඩොට් බෝඩ් එකක පාස්ස ගන්නවනම් හොඳයි. 

Previous
Next Post »