Google Adsense වෙනුවට ලංකාවේ Adlink






ලංකාවේ සිංහල බ්ලොග් අඩවි හා වෙබ්සයිට් තියෙන ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි Adsense භාවිතා කිරිමේදී හා Adsense ගිණුමක් ලබාගැනිමේදි බොහෝ ප්‍ර්ශ්නවලට මුහුණදීමට සිදුවීම. සිංහල සයිට් එකකටනං කොහොමත් Adsense ගන්න බැ. ගත්තත් ඒක ටික දවසකින් බ්ලොක් වෙනවා.

ඒ සියළුම බාධක මඟහරිමින් ලංකාවේ සුප්‍රකට හා විශ්වාසදායී තාක්ෂණික සමාගමක් වන Bhasha සමාගම විසින් Adlink නමින් Adsense වැනිම සේවාවක් හදුන්වාදී තිබෙනවා.දැනට Adlink සේවාව බ්ලොග් හෝ වෙබ් අඩවි හිමිකරුවන් අතර හා දැන්විම් ප්‍රචාරකයන් අතර ශිඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා.


ඔවුන් Ad Click එකක් සදහා රු. 2.50 - රු. 50 ත් අතර මුදලක් ගෙවිම සිදුකරනවා. එම ගෙවිම තීරණය වන්නේ අදාල ඇඩ් එකෙ ස්වාභාවය මත වේ. පහල ලින්ක් එක Click කරලා Adlink ගිණුමක් සදාගන්න.

Adlink.lk

ඔබ Adlink ගිණුමක් ලබාගැනිමට අයැදුම් කිරිමෙන් පසු ඔවුන් ඔබ Adlink ගිණුමක් ලබාගැනිමට සුදුසුයැයි සනාථ කිරිමෙන් පසු ඔබගේ ගිණුම සක්‍රීය කරනවා. මේ සදහා පැය 24කට වඩා අඩු කාලයක් ගතවෙන්න පුළුවන්.

එලෙස Adlink ගිණුම සක්‍රීය විමෙන් අනතුරුව ඔබට Ad Code යටතේ අවශ්‍ය පරිදි දැන්වීමේ ් ප්‍රමාණය ආදිය සකසු විට ලැබෙන HTML Code එක ඔබගේ බ්ලොග් අඩවියට හෝ වෙබ්සයිට් එකට එක්කිරිමෙන් Adlink සේවාව ආරම්භ කරන්න පුළුවන්.

ඔබගේ ගිණුමේ මුදල් රු. 1000 ක් වු විට එය බැංකු ගිණුමකට මාරු කිරිමට පුළුවන්.

තව ඔයාගේ Ad ඔයාම Clik කරගන්න ගියොත්නං ඔයාගේ ගිණුම Block වෙනවා . ඒ නිසා ඒ වගේ දේවල් කරන්න යන්න එපා.


ගැටළුවක්නම් Comment එකක් දාන්න.
Previous
Next Post »