Tuesday, December 13, 2016

IDM අතහරිමු FDM වැළඳගනිමු.

                ඉන්ටනෙට් යන ගොඩක් අය ලඟ තියෙන ඩවුන්ලෝඩර් වැඩසටහන තමයි IDM නැත්නම් Internet Download Manager කියන්නෙ. මෙක ඇත්තටම හොඳ පහසුකම් වලින් පිරුණු හොඳ සොෆ්ට්වෙයා එකක්. ඒ පහසුකම් හින්දම මේක මුදලට විකුණන එකක් වෙලා. ඉතිං අපේ අය ඕක තමං‍ඟෙ කොම්පියුටරේ දාගෙන ඉන්න විදිය අහන්න ඕනි නෑනෙ. හැමෝම නොවෙන්න පූලුවන් ඒත් ගොඩක් අය ක‍රැක් කරපු එක තමයි දාගෙන ඉන්නෙ. ඒකත් ටික කාලයක් යනකොට මාට්‍ටු වෙන බව පාවිච්චි කරන අය දන්නවා.
     ඉතිං FDM නැත්නම් Free Download Manager කියන්නෙ IDM ගුණාංඟ ඒ විදිහටම තියෙන ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් වගේ අමතර පහසුකම් තියෙන සොෆ්ට් වෙයා එකක්.2007 ඉඳන් තමයි මේක දියුණු කරන්නෙ.
                           ඒ වගේම මන්දගාමී අන්තර්ජාල සම්බන්ධතා වලට හරියන ස්නේල් මොඩ් (ගොලුබෙලි ඩවුලෝඩින්? අපේ රටේ නම් ‍ෆ්‍රී වයි ෆයි මොඩ් එක කිව්වත් අවුලක් නෑ!😜) වගේ පහසුකම් තියෙනවා.මෙතනින් ගිහිං ඕනි කෙනෙකුට නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. වින්ඩොස් වගේම මැක් වලටත් තියෙනවා.එහෙමත් නැත්නම් මෙතනින් වින්ඩෝස් වලට කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් .සෙටප් ෆයිල් එක 50MB විතර තියෙනවා. ඉතිං.. වරක් පාවිච්චි කර වෙනස වටහා ගන්න..!

No comments:

Post a Comment