ගූගල් I\O 2016 උළෙලේ තතු

ගූගල් සමාගමෙන් ඉදිරියේදී පැමිණීමට නියමිත නිෂ්පාදන හා සේවා පිළිබඳ ලෝකයා දැනුවත් කරන ප්‍රධානතම උත්සවයක් වන්නේ ගූගල් I\O උළෙල යි. එය මේ වසරෙදීත් පැවැත්විණි. මේ එහිදී හෙළි කල ප්‍රධානතම නිපැයුම් කීපයකි.
ඩේ ඩ්‍රීම් VR උපාංඟය
                         අද ලෝකයේ වැඩිම අවධානයක් යොමු වී ඇති තාක්ෂණික උපාංඟයක් ලෙස VR (Virtual Reality ) හෙඩ් සෙට් උපාංඟය හැඳින්විය හැකියි. සැබෑ පරිසරයක් ලෙස පෙනෙන නමුත් සැබෑ ලෙස නොපවතින පරිසරයක් මවා දැක්වීම VR උපාංඟයකින් සිදුකරනු ලබයි. ඩේ ඩ්‍රීම් (Daydream) යනු ගූගල් සමාගමෙන් හඳුන්වා දෙන අලුත් VR උපාංඟයයි. 

                 මෙය අලුත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වන Android N සමග ක්‍රියාත්මක වන්නකි. මීට් පෙර ගූගල් විසින් ඕනෑම කෙනෙකුට නිවසේදීම සාදාගත හැකි "කාඩ් බෝඩ්" නම් VR උපාංඟයක් හඳුන්වා දුන් අතර එයට වඩා ඩේ ඩ්‍රීම් උපකරණය බලසම්පන්නය. මේ උපකරණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නව සංවේදක පද්ධති ඇතුලත් ස්මාර්ට් ෆෝන් නිපදවීමට HTC, Huawei, LG වැනි සමාගම් දැනටමත් කටයුතු කරමින් සිටී. 
                       මේ උපකරණය මගින් එදිනෙදා භාවිත කරන ඇප් (You tube, Street View, Play Store) මේ හරහා බලා ගත හැක. එසේම VR උපාංඟය තුල හැසිර විය හැකි නොයෙක් ඇප් තැනීමට ලොව ප්‍රකට සමාගම් ‍රැසක් (The New York Times, HBO, Netflix, Ubisoft,Electronic Arts) ක්‍රියා කරමින් සිටී. කෙසේ වෙතත් මීට අමතරව HTC Vive හා Oculus Rift  යන VR උපාංඟ ද මේ සමග තරඟයට සිටී.

ඇලෝ මැසේජින් 

                    ඉදිරියේදී ඇලෝ (Allo) නමින් චැටින් ඇප් එකක් ද ගූගල් සමාගමෙන් එලි දැක්වෙයි. මෙහි විශේෂත්වය දුරකතන තුල පමණක් ක්‍රියාත්මක කිරීමයි. දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකි මෙම ඇප් එක තුලින් ගූගල් ගිණුම් ද භාවිත කල හැක. ඉමෝජි අයිකන්, ස්ටීකර්, රූප මත ඇඳීමේ හැකියාව මෙන්ම පණිවිඩයේ ෆොන්ට් සයිස් වෙනස් කිරීම වැනි හැකියාවක්ද ඇත. Google Assistant මෘදුකාංඟයේ ද සහය ඇති මෙහි කටහඬ මගින් පණිවිඩ වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවද සහිතය. තවද ඇලෝ තුලින් යවන පණිවිඩ අන් අයට කියවිය නොහැකි ලෙස එන්ක්‍රිප්ට් කර ඇත. ඒ නිසා ආරක්ෂාවෙන් ද ඉහල තැනක තිබේ.

ඇලෝ සමග ඩුවෝ

             ඇපල් සමාගමේ අයි-මැසෙජ් (iMessage) සමග ක්‍රියාත්මක වන ෆේස් ටයිම් (FaceTime) ඇප් එක මෙන් ගූගල් ඇලෝ සමග ක්‍රියාත්මක වන වීඩියෝ චැට් ඇප් එකක් ඩුවෝ (Duo) නමින් ගූගල් විසින් හඳුන්වා දී ඇත. ඩුවෝ භාවිතයට පහසු ආකාරයට නිමවා ඇති අතර වීඩියෝ ප්‍රීවීව් පහසුකමින් ද සමන්විතයි. ඩුවෝ හා ඇලෝ ඇප් ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් අයි ඕස් මෙහෙයුම් පද්ධති දෙකෙහිම ක්‍රියාත්මක වේ.

ගෙදරත් ගූගල් ට?

                       Google Home, ගූගල් විසින් හඳුන්වාදෙන නිවාස සහයක උපාංඟයකි. සිලින්ඩරයක් හැඩැති මෙහි ඉදිරියට පෙනෙන ස්පීකරයක් පවතී. මෙය ඇමසන් එකෝ (Amazon’s Echo) උපාංඟය මෙනි. හෝම් තුල ඇති මයික්‍රොෆෝනය තුලින් ඇසෙන හඬට අනුව එහි ඇති ස්පීකරයෙන් පිලිතුරු ලබාදේ. එසේම නිවසේ ඇති විවිධාකාරයේ උපාංඟ සමග ක්‍රියා කිරීමට හෝම් සමත්ය. 
               එසේම 'එකෝ' මෙන් නොව 'හෝම්' උපකරණය නිවසේ විවිධ ස්ථාන තුල ඊට අනුරූප වී ක්‍රියා කල හැකිය. මෙය සමග ක්‍රියා කල හැකි විවිධ බාහිර උපාංඟ නිපදවීමේ පහසුකම (Home’s API) තවමත් ගූගල් සමාගම ලබා දී නැති අතර, ඉදිරියේදී එය ලබා දෙන බව පවසා සිටී.

ඇන්ඩ්‍රොයිඩ් වෙයා හා ඇන්ඩ්‍රොයිඩ් එන්

                      මීට අමතරව ගූගල් සමාගමේ ස්මාර්ට් වොච් එක වන 'ඇන්ඩ්‍රොයිඩ් වෙයා' හි අලුත් සංස්කරණය වන Android Wear 2.0 ඉදිරිපත් කිරීමද මෙහිදී සිදුවිය. දුරකථනය තුල ක්‍රියා කරන ඕනෑම ඇප් එකක් තුලින් විවෘත කර බැලීමේ හැකියාව 'වෙයා' තුල ඇත.
                    ඇන්ඩ්‍රොයිඩ් එන් (Android N) හි අලුත් සුවිශේෂී තා ගැනද මෙහිදී කරුණු හෙලි කෙරුණි. පරිගණක ක්‍රීඩා ක්‍රියා කිරීමට පහසුකම් දියුණු කිරීම, දුරකථනයේ ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරය (GPU) සමග සම්බන්ධ වී ක්‍රියාත්මක වන වඩා හොඳින් 3D ග්‍රැ‍ෆික් පෙන්වන යෙදුමක් ද අලුත් ඇන්ඩ්‍රොයිඩ් එන් සමග පැමිණේ. තවද ඩවුන්ලෝඩ් කිරීමකින් තොරව අන්තර්ජාලයේ සිටම ක්‍රියාත්මක කල හැකි විශේෂිත ඇප් හැසිරවීමේ හැකියාවක්ද පවතී.

ගූගල් කොයිබට ද?
                            මේ ලෙස අලුතින් ඉදිරිපත් කරන්න යන උපාංඟ තුකින් පෙනෙන්නේ ගූගල් සමාගම තව තවත් වෙළඳ පොළ තුල තම අණසක පැතරවීමට උත්සහ කරන් බවයි. ලොව ප්‍රකට සමාගම් වන ෆේස් බුක්, ඇපල්, එච්ටීසී, මයික්‍රෝසොෆ්ට් වැනි සමාගම් සමග කරට කර තරඟයකට ගූගල් පැමිණ තිබේ. අද ලොව වැඩිම දෙනෙක් භාවිතා කරන ස(ර්)ච් එන්ජිම වන්නේ ගූගල් ය. එසේම ගූගල් හි සපයන සේවා ලබාඅ ගැනීමට එක් ගූගල් ගිණුමක් සාදා ගැනීම ප්‍රමාණවත් ය. තවද ඝට්ටනයකින් තොරව මෙම සේවා ඉතා හොඳින් වේගවත්ව ක්‍රියා කරයි. අනෙක බොහෝ සේවා නොමිලේම, උසස් අයුරින් ලබා දේ. එයින් ලැබෙන ආදායමෙන් ගූගල් තවත් දියුනු වේ .ඒ නිසා ගූගල් සමාගමේ වෙළඳ පොළ මුලු ලෝකය තුලම සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වී හමාරය.



ප.ලි:- අපි අද නිදහසේ ඉන්න මේ වෙලාවේ අපේම මිනිසුන් දහස් ගණනකගේ ජීවත ගංවතුරෙන්, නාය යෑමෙන් අහිමි වී තිබේ. තවත් කොටසක් අන්ත අසරණව අවතැන් වී සිටී. මේ ඔවුනට අපේ උදවු අවැසි මොහොතකි. අපට හැකි උපරිම අයුරින් ඔවුනට උපකාර වෙමු. ප‍ටු පාට, පක්ෂ, ජාති බේද වලින් තොරව, ප්‍රසිද්ධියක්, වාසියක් බලාපොරොත්තු නොවී ඔවුන්ට උපකාර කරමු. වැඩි විස්තර දැනගන්න මෙතැනින් කොළඹ ගමයා බ්ලොග් අඩවිය ට පිවිසෙන්න... නැත්නම් athahitha.org ට පිවිසෙන්න......


Previous
Next Post »