ගූගල් සමාගමෙන් ඉදිරියේදී පැමිණීමට නියමිත නිෂ්පාදන හා සේවා පිළිබඳ ලෝකයා දැනුවත් කරන ප්‍රධානතම උත්සවයක් වන්නේ ගූගල් I\O උළෙල යි. එය මේ වසරෙදීත් පැවැත්විණි. මේ එහිදී හෙළි කල ප්‍රධානතම නිපැයුම් කීපයකි.
ඩේ ඩ්‍රීම් VR උපාංඟය
අද ලෝකයේ වැඩිම අවධානයක් යොමු වී ඇති තාක්ෂණික උපාංඟයක් ලෙස VR (Virtual Reality ) හෙඩ් සෙට් උපාංඟය හැඳින්විය හැකියි. සැබෑ පරිසරයක් ලෙස පෙනෙන නමුත් සැබෑ ලෙස නොපවතින පරිසරයක් මවා දැක්වීම VR උපාංඟයකින් සිදුකරනු ලබයි. ඩේ ඩ්‍රීම් (Daydream) යනු ගූගල් සමාගමෙන් හඳුන්වා දෙන අලුත් VR උපාංඟයයි.
මෙය අලුත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වන Android N සමග ක්‍රියාත්මක වන්නකි. මීට් පෙර ගූගල් විසින් ඕනෑම කෙනෙකුට නිවසේදීම සාදාගත හැකි "කාඩ් බෝඩ්" නම් VR උපාංඟයක් හඳුන්වා දුන් අතර එයට වඩා ඩේ ඩ්‍රීම් උපකරණය බලසම්පන්නය. මේ උපකරණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නව සංවේදක පද්ධති ඇතුලත් ස්මාර්ට් ෆෝන් නිපදවීමට HTC, Huawei, LG වැනි සමාගම් දැනටමත් කටයුතු කරමින් සිටී.

මේ උපකරණය මගින් එදිනෙදා භාවිත කරන ඇප් (You tube, Street View, Play Store) මේ හරහා බලා ගත හැක. එසේම VR උපාංඟය තුල හැසිර විය හැකි නොයෙක් ඇප් තැනීමට ලොව ප්‍රකට සමාගම් රැසක් (The New York Times, HBO, Netflix, Ubisoft,Electronic Arts) ක්‍රියා කරමින් සිටී. කෙසේ වෙතත් මීට අමතරව HTC Vive හා Oculus Rift යන VR උපාංඟ ද මේ සමග තරඟයට සිටී.
ඇලෝ මැසේජින්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjm3AtMhRBTH2-HgSqknt9j2yjeQR5whMnByMd8I2hj_0qtSV8SaQscSUMXVRAabitY9fBsnOlEO-Lhr5KozDvCmH-E8HEfXKFPz2roNiDnHcITMMKA4qyIZQY4YLWEhIJ8MN5Row_L0MZz/s320/google-allo-vpavic-verge-9.0.jpg)
ඇලෝ සමග ඩුවෝ
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbH9jxeQiBMpV25cIvbsIQQ3beCoVOwCW5IbhUrRqqFOa-aZmgSv7oBGdStMuGykIOsFNvT2uKSAuYH_L6XnuFRH-Cx_qmyTMYrB5ZKon4tLM6jdTVgDEyOQChWvh0eIAIJMhhKZ_YtBiD/s320/2.jpg)
ගෙදරත් ගූගල් ට?
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiExWkkiABCkwAa4Xn2yH2trUxG0N0fI67TmzJ20t8syU-25ym3OMqgkkW29-hxqG79NzyIW8I6GwF-x1NXwsPbJCp15NtBkewj0oGzrxMPwuRWTKAzLnlEuPEOCNdVBeO1pMt_InIsYKlA/s320/Screen_Shot_2016-05-18_at_1.19.55_PM.0.png)
එසේම 'එකෝ' මෙන් නොව 'හෝම්' උපකරණය නිවසේ විවිධ ස්ථාන තුල ඊට අනුරූප වී ක්‍රියා කල හැකිය. මෙය සමග ක්‍රියා කල හැකි විවිධ බාහිර උපාංඟ නිපදවීමේ පහසුකම (Home’s API) තවමත් ගූගල් සමාගම ලබා දී නැති අතර, ඉදිරියේදී එය ලබා දෙන බව පවසා සිටී.
ඇන්ඩ්‍රොයිඩ් වෙයා හා ඇන්ඩ්‍රොයිඩ් එන්
මීට අමතරව ගූගල් සමාගමේ ස්මාර්ට් වොච් එක වන 'ඇන්ඩ්‍රොයිඩ් වෙයා' හි අලුත් සංස්කරණය වන Android Wear 2.0 ඉදිරිපත් කිරීමද මෙහිදී සිදුවිය. දුරකථනය තුල ක්‍රියා කරන ඕනෑම ඇප් එකක් තුලින් විවෘත කර බැලීමේ හැකියාව 'වෙයා' තුල ඇත.
ඇන්ඩ්‍රොයිඩ් එන් (Android N) හි අලුත් සුවිශේෂී තා ගැනද මෙහිදී කරුණු හෙලි කෙරුණි. පරිගණක ක්‍රීඩා ක්‍රියා කිරීමට පහසුකම් දියුණු කිරීම, දුරකථනයේ ග්‍රැෆික් ප්‍රොසෙසරය (GPU) සමග සම්බන්ධ වී ක්‍රියාත්මක වන වඩා හොඳින් 3D ග්‍රැෆික් පෙන්වන යෙදුමක් ද අලුත් ඇන්ඩ්‍රොයිඩ් එන් සමග පැමිණේ. තවද ඩවුන්ලෝඩ් කිරීමකින් තොරව අන්තර්ජාලයේ සිටම ක්‍රියාත්මක කල හැකි විශේෂිත ඇප් හැසිරවීමේ හැකියාවක්ද පවතී.

ගූගල් කොයිබට ද?
මේ ලෙස අලුතින් ඉදිරිපත් කරන්න යන උපාංඟ තුකින් පෙනෙන්නේ ගූගල් සමාගම තව තවත් වෙළඳ පොළ තුල තම අණසක පැතරවීමට උත්සහ කරන් බවයි. ලොව ප්‍රකට සමාගම් වන ෆේස් බුක්, ඇපල්, එච්ටීසී, මයික්‍රෝසොෆ්ට් වැනි සමාගම් සමග කරට කර තරඟයකට ගූගල් පැමිණ තිබේ. අද ලොව වැඩිම දෙනෙක් භාවිතා කරන ස(ර්)ච් එන්ජිම වන්නේ ගූගල් ය. එසේම ගූගල් හි සපයන සේවා ලබාඅ ගැනීමට එක් ගූගල් ගිණුමක් සාදා ගැනීම ප්‍රමාණවත් ය. තවද ඝට්ටනයකින් තොරව මෙම සේවා ඉතා හොඳින් වේගවත්ව ක්‍රියා කරයි. අනෙක බොහෝ සේවා නොමිලේම, උසස් අයුරින් ලබා දේ. එයින් ලැබෙන ආදායමෙන් ගූගල් තවත් දියුනු වේ .ඒ නිසා ගූගල් සමාගමේ වෙළඳ පොළ මුලු ලෝකය තුලම සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වී හමාරය.
ප.ලි:- අපි අද නිදහසේ ඉන්න මේ වෙලාවේ අපේම මිනිසුන් දහස් ගණනකගේ ජීවත ගංවතුරෙන්, නාය යෑමෙන් අහිමි වී තිබේ. තවත් කොටසක් අන්ත අසරණව අවතැන් වී සිටී. මේ ඔවුනට අපේ උදවු අවැසි මොහොතකි. අපට හැකි උපරිම අයුරින් ඔවුනට උපකාර වෙමු. පටු පාට, පක්ෂ, ජාති බේද වලින් තොරව, ප්‍රසිද්ධියක්, වාසියක් බලාපොරොත්තු නොවී ඔවුන්ට උපකාර කරමු. වැඩි විස්තර දැනගන්න මෙතැනින් කොළඹ ගමයා බ්ලොග් අඩවිය ට පිවිසෙන්න... නැත්නම් athahitha.org ට පිවිසෙන්න......

EmoticonEmoticon