බ්ලොගර් සඳහා HTTPS එක්වේ

බ්ලොගර් බ්ලොග් සඳහා HTTPS තාක්ෂණය ලබා දීමට යන බව අප්‍රේල් මස මුලදී ගූගල් සමාගම විසින් දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව මේ මාසයේ සිට එය ක්‍රියාත්මක වෙනවා.
> HTTPS කියන්නෙ මොකද්ද?
       HTTP (Hyper Text Transfer Protocol) කියන්නෙ අන්තර්ජාලයේ ක්‍රියාත්මක්ක වෙන ප්‍රොටොකෝලයක් (Protocol) නැත්නම් තාක්ෂණික ප්‍රමිතියක් (HTTP over SSL, HTTP over TLS විදිහටත් හඳුන්වනවා) . වෙබ් සර්වර් වල තියෙන වෙබ් පි‍ටු, ෆයිල් අපේ පරිගණකයට ඩවුන්ලෝඩ් වෙන්නෙ මේ තාක්ෂණය උදව්වෙන්. HTTPS (HTTP Secure) කියන්නෙ HTTP තාක්ෂණයට අමතර ආරක්ෂාවක් එකතු කර සැකසූ ප්‍රමිතියක්. මේ තාක්ෂණය යොදාගන්න වෙබ් අඩවි වල එයට පිවිසෙන අය හා වෙබ් අඩවිය අතර සිදුවන හුවමාරු වන දත්ත සම්පූර්ණයෙන් ආරක්ෂා කරනවා. ඒ අනුව වෙබ් අඩවියට පිවිසුන කෙනා ලබා ගත් හා ලබා දුන් තොරතුරු අන්සතු වීම වැලකෙනවා. බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් වුවද අප අන්න්තර්ජාලය භාවිතා කරන විට අප ලබා දෙන තොරතුරු, පිවිසෙන වෙබ් අඩවි වල තොරතුරු විවිධ තැන් වල ‍රැ‍ඳෙනවා. ඉතිං සූර දැනුමක් ඇති අයකුට මේ දත්ත ලබා ගන්න පුලුවන්. ඒත් HTTPS ප්‍රමිතිය මගින් ඒ අවස්ථාව නැතිවෙනවා. මේ තාක්ෂණය සොයාගත් මුල් කාලයේ (2000-2010) වැඩිමනක් යොදාගත්තෙ මූල්‍ය කටයුතු හා ඊමේල් වැනි සංවේදි තොරතුරු හුවමාරුවෙන වෙබ් අඩවිවල ආරක්ෂාව සඳහායි. මූල්‍ය ගණුදෙනු කරන eBay, Paypal  වැනිසේවා මෙන්ම සමාජ ජාල අඩවි වන Facebook, twitter වලද, ඊ-මේල් සේවා වලද මේ ප්‍රමිතිය යොදා ගැනෙනවා. නමුත් දැන් එය විවිධ වෙබ් අඩවි වල භාවිත වෙනවා.

> බ්ලොගර් සේවයට සම්බන්ධ කිරීම.
                                ගූගල් සමාගම මේ වැඩකටයුතු පටන් ගත්තේ ඉකුත් සැප්තැම්බරයේ සිටය. මෙම මාසයේ සිට බ්ලොගර් බ්ලොග් ඩොමේන් ලිපින වලට පිවිසෙන සියලු දෙනාට සු‍රැකුම් කරන ලද (Encrypted) සම්බන්දතාවක් ඔස්සේ එක්විය හැකියි. මුල් කාලයේ මෙම පහසුකම තිබුණත් HTTPS Redirect නම් පහසුකම නොතිබුණි.  HTTPS Redirect  මගින් කෙනෙකු සාමාන්‍ය ලෙස බ්ලොග් ලිපිනය යොදා පිවිසියත් එම බ්ලොග් අඩවියේ HTTPS සක්‍රිය නම් එය ස්ව්‍යංක්‍රීයව https ලිපිනය වෙත යොමු වෙනවා. (උදා: අයෙකු http://techsayura.blogspot.com යොදා පිවිසියද එය https://techsayura.blogspot.com/ ඔස්සේ විවෘතවේ.)
> බ්ලොග් අඩවිය තුල සක්‍රිය කරන ආකාරය.
                           මේ සේවාව සක්‍රිය කරන්න බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකේ Settings > Basic > HTTPS වෙත යන්න. HTTPS Redirect ඉදිරියේ තියෙන "No" කියන එක "Yes" කියල වෙනස් කරන්න. දැන් වැඩේ හරි. දැං අර කලින් කිව්ව වගේ කෙනෙක් http එකෙන් ගියත් ඒක https වලට යොමු වෙනවා. මේ තේරිම "No" විදිහට තිබුණොතින් ඕනි කෙනෙකුට කැමති නම් http (unencrypted) ඔස්සේ එන්න පුලුවන්. එතකොට කලින් වගේ https වලට redirect වෙන්නෙ නෑ. නැත්නම් https  (encrypted)  වලින් එන්නත් පුලුවන්. එතකොට ආරක්ෂාව වැඩියි. 
> පොඩි පොඩි අවුලුත් තියෙනවා..
                           මේ සේවාව දැනට ලබාදෙන්නෙ බ්ලොග්ස්පොට් ඩෝමේන් නේම් වලට විතරයි. ඒ කියන්නෙ දැනට  <blog>.blogspot.com වලට විතරයි. බ්ලොග් වලට ඇඩ් කරල තියෙන වෙනත් ඩොමේන් ලිපින, ඒ කියන්නෙ <blog>.com වගේ ලිපි වලට මේ පහසුකම තවම නෑ. ඒ වගේම මේ නිසා බ්ලොග් වලට එකතු කරල තියෙන සමහර ගැජට්, ටෙම්ප්ලට් වගේම සමහර පෝස්ට් වල කොටස් මේ නිසා ක්‍රියාත්මක නොවෙන්න පුලුවන්. ඒ වුණත් දැනට විවිධ වෙබ් අඩවි වල බ්ලොග් එකට තියෙන ලින්ක්, බ්‍රව්සර් වල තියෙන බුක් මාර්ක්  වලින් බ්ලොග් එකට පිවිසෙන්න කිසිම බාධාවක් වෙන්නෙ නෑ.
Previous
Next Post »