Tuesday, March 29, 2016

නෙළුම් යායේ නෙළුම් පිපුණා...

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2015  
වසරේ හොඳම විද්‍යා හා තාක්ෂණික බ්ලොග් අඩවිය 
තුන්වන ස්ථානය

              බ්ලොග් සම්මාන උලෙළට මගේ බ්ලොග් එකත් නිර්දේශ වෙලා කියල තිබුණම මට ලොකු සතුටක් දැනුනා. නිවුස් එක ඉස්ලාම කිව්වෙ අම්මට. ඒ මගේ හැම වැඩක්ම පස්සෙන් ඉඳන් බලාගන්නෙ එයා හින්දා. ඒක දැකලා අම්මටත් ගොඩක් සතු‍ටු හිතිලා උත්සවේ බලන්න එයත් යන්න එනව කිව්වා. කොහොම හරි පාර හොයාගෙන තැනට ආවා. එතකොටම අජිත් සර් ආවා. මූණ විතරයි නෙ දැකල තිබුනෙ! සර් මා ගාවට ඇවිත් කතා කරලා ගියා.. එවෙලෙ සර් ටිකක් බිසී... ඊට ටික වෙලාවකට පස්සෙ අපේ ස්‍රංග අයියයි තරු රිසි අක්කයි ආවා... ඔහොම ටිකක් වාසෙ දේසෙ කතා කර කර ඉන්නකොට කල්‍යාණ මිත්‍ර සුමිත් අයියා එතනට ඇවිත් කතා කරලා තට්‍ටුවක් දාගෙන ගියා.. 

සම්මාන දෙන කොට ඉස් ඉස්සෙලාම සම්මානෙ ගත්තෙ මම. ඒ මාතලංගෙ අතින්! . එකිනෙකා කවදාවත් දැකල නැති ගොඩක් අය එදා අඳුන ගන්න ලැබුනා... හැමෝම හරිම නිහතමානීව කතා කලා... මට මේ ලැබුණ සම්මානය ඇත්තටම ගොඩක් ලොකු හයියක්. මුලින්ම මේ සම්මානයට මාව නිර්දේශ කරලා මේ ඇගයීම මට දුන්න විනිශ්චය මණ්ඩලයට ගොඩක් ස්තූති වන්ත වෙනවා. විභීෂණ, ඩ්‍රැකී, අවන්හල ලියන මහේෂ් අයියා,කැලේට පිපුණු මල් ලියන වත්සලා අක්කා, ඔමා,ටිම් කුරු‍ටු! වගේ ගොඩක් බ්ලොග් ලියන අය අඳුනගන්න ලැබුණා. අටං නම් ඉතා උසස්ම සිංහල විදියට පිළිගත්තා.... (කමී දන්නවා විස්තරේ..!) . උත්සවේ තිබුණු නාටක දෙක නම් පට්ට සුපිරි කියල කියන්න පුලුවන්.... මාතලං ලියපු මනා කියපු 'තුන් මුල්ලේ' සින්දුවත් ආසාවෙන් අහන් හිටියා.... ඇත්තෙන්ම උත්සවය සුපිරියටම තිබුණා...  ඒ පැය කීපය පුරාම හිටියෙ හරිම ප්‍රබෝධයකින්.
නිර්මාණ කරුවන්ට නිසි ඇගයීම ලබා දෙමින් ඔවුන් දිරිමත් කරමින් මේ කරනා මෙහෙවරට නෙළුම් යායේ හැමෝටම මගේ හදපිරි ස්තූතිය... ඉදිරියෙදීත් මීටත් වඩා සාර්ථකව උත්සවය පැවැත්වීමට හැකිවේවා යි ප්‍රාර්ථනා කරමි. එසේම සම්මාන ලබාගත් සියලුම දෙනාට උණුසුම් සුබ පැතුම් එක්කර සිටිමි..

No comments:

Post a Comment