Plug & Sockets මහජන මත විමසුම

                විදුලි පේනු සහ කෙවිනි කියනවට වඩා Plug and Sockets කියල කිව්වම ගොඩක් අය දන්නවනේ. ගෙදර තියෙන විදුලි උපකරණ ප්‍රධාන විදුලියට සම්බන්ධ කරන්න මේවා යොදා ගන්නවා (ඒ විතරක්ම නෙවෙයි). දැන් වෙළඳ පොළේ විවිධාකාරයේ හැඩ තියෙන පේනු හා කෙවෙනි උපාංඟ තියෙනවා. ඒ නිසාම නිවාස ආශ්‍රිතව සිදුවන විදුලි අනතුරු ප්‍රමාණය ද වැඩි වෙලා තියෙනවා. මේකට හේතුව නිසි ප්‍රමිතියකින් තොරව මේවා පරිහරණයයි. උදාහරණයක් විදිහට ප්ලග් ගොඩක් තියෙන (මල්ටි) ප්ලග් එකකට ෆෝන් එකයි ටීවි එකයි සමහර විට කේතල පවා සවි කරනවා. මේක ඉතාමත් භයානකයි. ඒ ගැන් මීට ඉස්සර ලිපියක් ලිව්වා.
ඉතිං දැන් මේ අඩුපාඩු හදා ගන්න විදුලි බල ආයතනයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව , විදුලි පේනු සහ කෙවෙනි සම්බන්ධයෙන් ප්‍රමිතියක් හදුන්වාදීම සහ ප්‍රමිතිගත විදුලි පේනු සහ කෙවෙනි භාවිතයට මාරුවීම සඳහා යෝජනා මාලාවක් සකස් කර තිබෙනවා. 
                                         මේ යෝජනා ගැන මහජන අදහස් පල කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ (www.pucsl.gov.lk) වෙබ් පි‍ටුවක් විවෘතව තියෙනවා. මෙතනට ගිහින් තම තමන්ගෙ අදහස් පල කරන්න. දැනටමත් ගොඩක් අය අදහස් දීලා තියෙනවා.ඒ හැම අදහසක්ම දැන් තියනවට වඩා හොඳ තත්වයකට විදුලි පේනු සහ කෙවිනි වල තත්වය උසස් කරන්න උපකාරී වේවි.

විදුලි පේනු සහ කෙවෙනි (PLUGS AND SOCKETS) ප්‍රමිතිකරණය සදහා යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම

Previous
Next Post »