Thursday, October 29, 2015

යමහා මොටෝ බොට්

මෝටර් බයික් නිපදවන ලෝ ප්‍රකට සමාගමක් වන යමහා සමාගම අලුත් වැඩක් කරලා තියෙනවා. ඒ තමයි 'මොටෝ බොට්' නමින් යතුරුපැදි ධාවනය කල හැකි රොබෝවක් නිපදවීම. මේක මේ සාමාන්‍ය මෝටර් බයික්  පදින එකක් නෙවෙයි. 600cc/1000cc වැනි අධිධාරිතා සහිත සුපිරි මෝටර් බයික් පදින්න පුලුවන් එකක්. පැ.120MPH (200Kmh) තරම් වේගයකින් ගමන් කිරීමේ හැකියාවක් මේ රොබෝ සතුයි.
ඉතා අපහසු වංගු වලදී පවා සමබරව ගැටලුවකින් තොරව ක්ල්ච්, බ්‍රේක්, ඇක්සලේටර් හැසිරවීම, ගියර් මාරු කිරීම සාර්ථකව කිරීමට හැකියාවක් මෙම රොබෝට ඇත. මේ ලබන සාර්ථකත්වයන් හමුවේ ලෝ ප්‍රකට ධාවන පත වලදී නුදුරෙදී ම මිනිසුන් මිනිසුන් අතරේ පමණක් නොව මිනිසුන් රොබෝ වරුන් අතරේද තරඟ ඇතිවනු ඇත.


No comments:

Post a Comment