Tuesday, October 20, 2015

ගූගල් භාණ්ඩ ප්‍රවාහන ඩ්‍රෝන යානා සාර්ථකව අත්හදා බලයි

                 ගූගල් සමාගම ගූගල් එක්ස් ලැබ් පරීක්ෂණාගාරයේ නිපැයුමක් තමයි මේ. ඩ්‍රෝන් ගැන නම් දන්නවා ඇතිනේ. මේ ඩ්‍රෝන් යොදා ගෙන භාණ්ඩ ප්‍රවාහණය කරන්න ආර්ම්භ කරපු ව්‍යාපෘතියක් තමයි PROJECT WING කියන්නෙ. මේ ව්‍යාපෘතියෙ මුල්ම පියාසැරිය සාර්ථකව අත්හදා බැලුවා. ඇරිසෝනා ප්‍රාන්තයේ තිබුණ ගූගල් සමාගමේ උත්සවයක්දී යි. 
                මේ ඩ්‍රෝන යානයට පැයට සැතපුම් 60 ක පමණ වේගයකින් ගමන් කරන්න පුලුවන්.ගමන් කල නොහැකි තද සුළං, වැසි සහිත අවධානම් කාලගුණයක දී පවා ඉතා සාර්ථකව ගොඩබෑම හා නැවත පියාසර කිරීමේ හැකියාවක් සහිතව මෙය තවත් දියුණු කරමින් සිටිනවා. මේ නව හැකියාවන් සහිත වැඩි දියුණු කල ඩ්‍රෝන යානයක් මේ වසර අවසානයට පෙර නිකුත් කරන බව ගූගල් එක්ස් ලැබ් හි ප්‍රධානි ඇස්ට්‍රෝ ටෙලර් පවසා ඇත.

No comments:

Post a Comment