වේගා ඉලෙක්ට්‍රික් කාර් එකේ අලුත් තතු...

විභාගෙට කියල නවත්තපු බ්ලොග් ලිවිල්ලට ආයෙ අත තියන්න ලැබුණෙ අද... ඒකෙන් වැඩක් නෑ.. මීට ඉස්සර ලංකාවෙ හදන මුල්ම ඉලෙක්ට්‍රික් කාර් එක ගැන පෝස්ට් එකක් ලිව්වා. ඒ ගැන ගොඩක් සයිට් වල බ්ලොග් වල දාලත් තිබුණා. එහෙම පටන් ගත්ත "වේගා" කාර් එකේ වැඩ කටයුතු දැන් අවසන් අදියරේ පවතිනවා. මේ පෝස්ට් එකෙන් ලියන්නෙ ඒගැන.
(පලමු ධාවනය)
100% ලංකාව තුලම නිපදවන වේගා ඉලෙක්ට්‍රික් කාර් එක උසස්ම ගණයේ නිමාවකින් සමන්විත වෙනවා. මේක නිකන්ම නිකන් ඉලෙක්ට්‍රික් කාර් එකක් නෙවෙයි. තේරෙන භාෂාවෙන්ම කිව්වොත් ඉලෙක්ට්‍රික් රේසිං කාර් එකක්. ඒ හින්දා මේ කාර් එකේ තියෙන මෝටර් ඩ්‍රයිවර් (මෝටර් ක්‍රියාත්මක කරන පරිපථ කොටස) එක විශේෂයෙන් නිපදවන්න ඕනි වෙනවා. 
                         ඒ වගේම සුදුසු බැටරි පද්ධතියක් නිපදවන එකත් ගොඩක් වැදගත්.ඒ විතරක් නෙවෙයි තව දේවල් ගොඩක් ගැන මේක නිපදවන කොට සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද මේක සාමන්‍ය පෙට්ට්‍රල් ඩීසල් වලින් යන එකක් නෙවෙයි නෙ.
                 ඉතින් මේ වැඩට තමන්ගෙ කාලය වගේම විශේෂයෙන් තමන්ගෙ මොළය වෙහෙසවන එකට, මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා වැඩ කරන අයට ස්තූතිවන්ත වෙන්න ඕනි. මම එහෙම කිව්වෙ නිකන් නෙවෙයි. මේ ව්‍යාපෘතිය පටන් ගත්ත හර්ෂ සුබසිංහ මහත්මයට මේ වැඩේ වෙන රටක හොඳ තාක්ෂණික පසුබිමක කරන්න තිබුනා. ඒත් ඒ අය මේ වැඩේ අපේ රටේම පටන් ගත්තේ ලංකාවෙ ඉන්න නව නිපැයුම් කරුවන්ව දිරිමත් කරන්නයි. ඉතිං අපිට කරන්න තියෙන්නෙ පුලුවන් විදිහට වචනයකින් හරි ඒ අයට සහය දක්වන එක. මේ ටික කරා වගේම ඉතිරි වැඩ කටයුතු ටිකත් ඉතා සාර්ථක වෙන්න කියලා වේගා නිමැවුම් කරුවන්ට සුභ පතනවා...! VEGA Facebook page--->
Previous
Next Post »