Thursday, September 3, 2015

Seal file encryption v1.3

                මේ තියෙන්නෙ මම ලියපු අලුත්ම සොෆ්ට්වෙයා එක.මේකෙන් අපිට ඕනි ෆයිල් එන්ක්‍රිප්ට් කරන්න පුලුවන්. සරලව කිව්වොත් පාස්වර්ඩ් එකක් දාලා ලොක් කරන්න පුලුවන්. එතකොට වෙන කෙනෙක්ට ඒක බලන්න බෑ. ෆයිල් එක ඕපන් කරන්න නම් පාස්වර්ඩ් එක දෙන්න ඕනි. පින්තූර, ඕඩියෝ, වීඩියෝ, ඩොකියුමන්ට් වගේ ඕනිම ෆයිල් එකක් එන්ක්‍රිප්ට් කරන්න පුලුවන්. ඕනිම කෙනෙක්ට ෆයිල් එන්ක්‍රිප්ට් කරන්න පුලුවන් වෙන විදිහට සරල භාවිතයට පහසු ඉන්ටෆේස් එකක් මේකෙ තියෙනවා.
               මේ දවස් ටිකේ බ්ලොග් එක ලියන්න බැරි උනෙත් මේකෙ වැඩ හින්දා තමයි. දෝෂ එකෙන් එක අයින් කරලා යාළුවන්ගෙ කොම්පියුටර් වලට දාලා ඒවයේ වැඩද කියල බලල එහෙම තමයි අන්තිමට රිලීස් කලේ. මේ සොෆ්ට්වෙයා එකේ ක්‍රියාත්මක් වෙන්නෙ මෙහෙමයි. අපි ෆයිල් එකක් ඕපන් කරාම මේ ප්‍රෝග්‍රෑම් එකෙන් Key එකක් ඉල්ලනවා. ඒ කී එක දුන්නාම ඒ කී එකට අනුව අදාල ෆයිල් එකේ අන්තර්ගතය වෙනස් කරනවා. එතකොට සාමාන්‍ය විදිහට මේ ෆයිල් එක සොෆ්ට්වෙයා වලට හඳුන ගන්න බෑ. නැවත යතා තත්වයට පත් කරන්න නම් නැවත මුලින් දුන්න කී එක නැත්නම් පාස්වර්ඩ් එක දෙන්න ඕනි.
වින්ඩෝස් xp,7, 8, 10 වල මේක වැඩ... ඕනි කෙනෙක්ට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. මේක නොමිලේ දෙන එකක්..!

ඩවුන්ලෝඩ් කරගන්න:http://sealencryption.weebly.com/



No comments:

Post a Comment