ගූගල් ඇන්ඩ්‍රොයිඩ් බිහිවුණේ මෙහෙමයි...

                             ඇන්ඩ්‍රොයිඩ් ගැන නොදනන්න කෙනෙක් නෑ... දැන් එන ස්මාට් ෆෝන් වල පමණක් නොව රූපවාහිනී හා වෙනත් උපකරණ වල පවා ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධතියක් නිසා ලොව පුරා ඇන්ඩ්‍රොයිඩ් කියන නම ප්‍රසිද්ධයි. ඒත් ඇන්ඩ්‍රොයිඩ් ගූගල් සමාගම විසින්ම මුලින් ඇරඹූ එකක් නොවේ....
                             ඇන්ඩ්‍රොයිඩ් යන නාමය සහිතව සමාගමක් ආරම්භ වුනේ මීට අවුරුදු 14 කට කලින්. ඒ කියන්නෙ 2001 දී. මේ සමාගමේ නිර්මාපකයන් තමයි ඇන්ඩි රූබින්, රිච් මයිනර්, ක්‍රිස් හා නික් සියර්ස් යන අය. 

                                   මේ අයගෙ අරමුණ වුණේ පරිශීලකයාට වඩා සමීපව ක්‍රියා කල හැකි මෘදුකාංඟයක් නිර්මාණය කරන එක. ඒ අනුව 2003 දී ඇන්ඩ්‍රොයිඩ් ඉන්කෝපරේෂන් කියලා සමාගමක් පිහි‍ටුවා ගත්තා. ඒත් සිදුවුණේ නොසිතූ දෙයක්. ආදායමක් උපයාගන්න බැරිව සමාගම බංකොලොත් වෙන්න පටන් ගත්තා. මේ ගැන දැන ගත්ත ගූගල් සමාගම 2005 දී ඇන්ඩ්‍රොයිඩ් සමාගම  ඒකෙ වැඩ කරපු සේවකයන්ද සමගම මිලදී ගත්තා.
                       ඊට පස්සෙ මේ සමාගමේ අයට වැඩක් ගූගල් සමාගම පැවරුවා. ඒ තමයි ගූගල් ඇන්ඩ්‍රොයිඩ් නමින් මොබයිල් උපාංඟ වලට නව පන්නයේ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන එක. එතන ඉඳන් තමයි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය බිහිවෙන්න පටන්ගත්තෙ. ඒ අනුව යමින්  වසර 2007 දී මේ නව මෙහෙයුම් පද්ධතිය ලොවට එළිදැක්වූවා. ඇන්ඩ්‍රොයිඩ් වල තිබුණ තවත් විශේෂත්වයක් තමයි ඕපන් සෝස් නැත්නම් විවෘත කේත මෙහෙයුම් පද්ධතියක් වීම. ගූගල් සමාගම 2008 දී ඇන්ඩ්‍රොයිඩ් හි මුලු කේත සටහනම ප්‍රසිද්ධ කරා. මේ නිසා ඇන්ඩ්‍රොයිඩ් පාදක නරක වැඩසටහන් නිපදවන්න අපහසු වුණා වගේම විවිධ ඇප් ලෙහෙසියෙන්ම නිර්මාණය කල හැකි නිසා ඇන්ඩ්‍රොයිඩ් ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වුණා. එසේම තමන්ගේ උපකරණයට ගැලපෙන අයුරින් ඇන්ඩ්‍රොයිඩ් වෙනස් කර ගත් හැකි නිසා බොහෝ ඉලෙක්ට්‍රොනික උපාංඟ නිෂ්පාදකයින් සිය උපකරණවල දුවන මෙහෙයුම් පද්ධතිය ලෙස ඇන්ඩ්‍රොයිඩ් ‍තෝරා ගත්තා .ඇන්ඩ්‍රොයිඩ් හි ප්‍රධාන කේත සටහන හෙවත් කර්නල් ඒක ලිනක්ස් පාදක ඒකකි. ඇන්ඩ්‍රොයිඩ් හි XML කේත් පේලි ලක්ෂ 30ක්, C කේත් පේලි ලක්ෂ 28, Java කේත් පේලි ලක්ෂ 21 හා C++ කේත් පේලි ලක්ෂ 17.5 ක් ඇතුලත්. ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝස් වුවත් එහි වෙනස් කම් කරන්නට නිතී රීති ඇත. ඒවා සකසන්නේ ඕපන් හෑන්ඩ්සෙට් එලායන්ස් (Open Handset Alliance) නම් ආයතනයකිනි.
                      එතැන් පටන් විවිධ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ කීපයක් මේ වන විට පැමිණ තිබෙනවා. මේ අලුත් සංස්කරණ හදුන්වන නම ලෙස මෙතෙක් යොදා ගෙන ඇත්තේ ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට පැමිනෙන ආකාරයට සකසා ඇති අතුරුපස වල නම් වලිනි.
සංස්කරණය හදුන්වන නම
1.5 කප්කේක් (Cupcake)
1.6 ඩෝනට් (Donut)
2.0 හා 2.1 ඉක්ලෙයා (Eclair)
2.2 ෆ්‍රෝයෝ (Froyo)
2.3 ජින්ජර් බ්‍රෙඩ් (Ginger Bread)
3.0, 3.1හා 3.2 හනීකොම්බ් (Honeycomb)
4.0 අයිස්ක්‍රීම් සැන්ඩ්විච් (Ice Cream Sandwich)
4.1 හා 4.2 ජෙලිබීන් (Jelly Bean)
4.4 කිට්කැට් (Kit Kat)
5.0 හා 5.1 ලොලිපොප් (Lollipop)
                    ඇන්ඩ්‍රොයිඩ් හි නවතම සංස්කරණය ඇන්ඩ්‍රොයිඩ් M ලෙස එළිදක්වා තිබෙනවා. එහි කේත නාමය තවමත් ප්‍රසිද්ධ නැති වුවත් එය මැකඩමියා නට් කුකී (Macadamia Nut Cookie) ලෙස හඳුන්වනු ඇතයි පැවසෙනවා. ලොවපුරා ඇති ස්මාර්ට්ෆෝන් වලින් 78.9% කම ක්‍රියාත්මක වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි.

Previous
Next Post »