Thursday, July 23, 2015

ලෝක වාර්තා තැබූ ඉලෙක්ට්‍රික් රේසිං කාරය

                                                            ඉලෙක්ට්‍රික් කාර් අද ලෝකයේ ප්‍රධාන මාතෘකාවක්. නැතිවී යන ඛනිජ තෙල් වෙනුවට පුනර්ජනනීය බලශක්තියක් වන විදුලියෙන් දුවන වාහන නිපදවන්න ගොඩක් අය උතසහ කරනවා. ඒත් විදුලියෙන් දුවන රේසිං කාර් හදන්න පුලුවන්ද? ලෝකෙටම ප්‍රශ්ණයක් වෙලා තිබුන මේ ගැටලුවට විසඳුමක් දෙන්න දැන් පුලුවන් වෙලා තියෙනවා.
                     GreenTeam Uni Stuttgart කියන ටීම් එක තමයි මේ කාර් එක හදල තියෙන්නෙ. මේ රේසිං කාර් එකට තත්පර 1.779 කදී පැ.කි 0-100 දක්වා වේගයක් ගන්න පුලුවන්.
                                  මේක ගිනස් ලෝක වාර්තාවක් විදිහටත් නම් කරලා තියෙනවා. ග්‍රීන් ටීම් එක මේ වාර්තාව තියල තියෙන්නෙ මීට කලින් තියපු තත්පර 1.785 වාර්තාව බිඳලා . මේ මෝටර් රථයට කලින් මොවුන් විසින් තවත් මෝටර් රථ 4ක් නිපදවා තිබෙනවා.
ළඟදීම දවසක අපිටත් ඉලෙක්ට්‍රික් කාර් රේසිං තරඟ බලන්න හැකියාවක් ලැබෙවි. ඒ වගේම අපේ රටේ හදන වේගා ඉලෙක්ට්‍රික් කාර් එකත් ලඟදීම එළි දක්වාවි. සමහර විට මේ ලෝක වාරතාව බිඳ දමන්න අපේ වේගා කාර් එකට හැකි වේවි...!

No comments:

Post a Comment