Saturday, July 18, 2015

වින්ඩෝස් කොර්ටානා ඇන්ඩ්‍රොයිඩ් වලටත්

ඇපල් අයි ඕඑස් එකට එන ඇපල් සිරි ඇප් එක වගේ මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් වලට එන කෘතීම බුද්ධි වැඩසටහන තමයි වින්ඩෝස් කොර්ටානා කියන්නේ. වින්ඩෝස් වලට හදපු මේ ඇප් එක ඇපල් වලටත් ඇන්ඩ්‍රොයිඩ් වලටත් දෙන්න යනවා කියලා කතා පැතිරුනා. දැන් ඒ කතා ඇත්තක් වෙමින් ඇන්ඩ්‍රොයිඩ් මත ක්‍රියාත්මක වන කොර්ටානා ඇප් එක සහිත පින්තූර කිහිපයක් නිකුත් වී තිබෙනවා. ඒ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත  HTC One M9 දුරකථනය මතයි.

කෙසේ නමුත් මේ ඇප් එක මගින් වින්ඩෝස් සඳහා ලබාදෙන සියලු පහසුකම් ඇන්ඩ්‍රොයිඩ් මතදී දැනට ලබා ගැනීමට හැකියාවක් නැති අතර රිමයින්ඩර් තැබීම, ඇමතුම් නාමාවලිය ලබා ගැනීම, කාලගුණ විස්තර ලබා ගැනීම වැනි කාර්‍යයන් සඳහා පමණක් දැනට මෙම ඇප් එක සහය දක්වයි.

No comments:

Post a Comment