විදුලි බිල අඩුකරන LED විදුලි පහන් පරිපථ

ඉස්සර ගෙවල් වල තිබුණෙ සූත්‍රිකා බල්බ් (ගෙඩි බල්බ්). මේ බල්බ් වලට අධික විදුලියක් වැය වෙන නිසා ගොඩක් අය මේ බල්බ් වෙනුවට ටියුබ් ලයිට් නැත්නම් CFL බල්බ් දැම්මා. දැන් ඊටත් වඩා විදුලිය ඉතුරු කරන්න පුලුවන් බල්බ් වර්ගයක් තියෙනවා කියලා කවුරුත් දන්නවා ඇති. ඒ තමයි LED බල්බ්. මේ LED බල්බ් හදල තියෙන්නෙ සුදුපාට LED බල්බ් එකතුවකට ප්‍රධාන විදුලිය අඩුකරලා ලබා දීමෙන්. මේ පරිපථය අපිට උනත් හදාගන්න පුලුවන්. පහලින් තියෙන්නෙ ඒ පරිපථ...
LED 4 ක බල්බය (5W)
වැඩි එලියක් අවශ්‍ය වෙන්නෙ නැති තැනකට මේ පරිපථය සුදුසුයි. 5W බලබයකට (නයිට් බල්බ් එකකට) සමාන ආලෝකයක් ලබාගන්න පුලුවන්. රු 50/= කට විතර මේකට අවශ්‍ය උපාංඟ ටික ගන්න පුලුවන්.
උපකරණ ලැයිස්තුව:

  • C1 :- 224-400V
  • R1 :- 680K 1/4W
  • R2 :-  470K 1/4W
  • D1-D4 :-  Supper bright white LED

LED 24 ක බල්බය
සුදු LED බල්බ් 2 ඉඳලා 24 ක් වෙනකම් මේ පරිපථයෙන් දල්වන්න පුලුවන්. මේ පරිපථයෙ මූලික පරිපථය දීල තියෙන්නෙ සරලම අවස්ථාව වෙන LED 2ක පරිප්ථය. මේ LED බල්බ් සම්බන්ද කරලා තියෙන්නෙ රටාවකට. රූපය බැලුවාම ඒ රටාව තේරුම් ගන්න පුලුවන්. රු 300/= කින් විතර මේක හදා ගන්න පුලුවන්.
උපකරණ ලැයිස්තුව:

  • C1-C2 :- 224-400V
  • R1 :- 1K - 1W
  • R2 :- 1K - 2W
  • D1 - D27 :-  Supper bright white LED

වැඩි දීප්තියක් ඇති LED 48 බල්බය
මේ පරිපථයෙන් LED 48 යොදාගෙන දීප්තිය වැඩි බල්බයක් හදාගන්න පුලුවන්. මේ පරිපථයෙ තියෙන LED සියල්ලම ශ්‍රේණිගතව (එකක් පි‍ටුපස එකක්) සිටින සේ සම්බන්ද කරල තියෙනවා. වියදම රු 350/= විතර වේවි.
උපකරණ ලැයිස්තුව:

  • C1 :- 0.47uF - 400V
  • C2 :- 4.7uF - 400V
  • R1-R2 :- 680K - 1/4W
  • R3 :- 580K - 1W
  • D1-D4 :- 1N4007
  • D5-D52 :- Supper bright white LED

පරණ CFL ආවරණයක මේ කොටස් සම්බන්ධ කරගන්න පුලුවන්. ප්‍රතිරෝධ මිලට ගැනීමේදී දී ඇති ප්‍රතිරෝධ අගයන් හා වොට් අගයන් වලම ඒවා ගන්න. පරිපථය එකලස් කිරීමට ඩොට් බෝඩ් එකක උපාංඟ පාස්සා ගන්න. 

සැ.යු:- ප්‍රධාන විදුලිය සමග ගණුදෙනු කරන බැවින් ඉතා කල්පනා කාරී වන්න. විදුලිය සැපයීමෙන් පසු කිසිම විටක පරිපථය ස්පර්ෂ කිරීමෙන් වලකින්න.

ප.ලි:-
මේ සර්කිට් වල සංකේත වලින් දක්වල තියෙන උපකරන වල විස්තර මෙහෙමයි.

ධාරිත්‍රක (Capacitor)

*මේවා වර්ග 2ක් තියෙනවා.
    මයිලර්/ සෙරමික්
 ( උදා:- ඉහත පළමු හා තුන්වන පරිපථයේ C1, දෙවන පරිපථයේ C1 හා C2) . අග්‍ර +,- භේදයක් නැත.
   ඉලෙක්ට්‍රොලයිට් වර්ගය 
( උදා:- ඉහත තුන්වන පරිපථයේ C2) .( - ) අග්‍රය බඳේ සලකුණු කර ඇත.
ප්‍රතිරෝධක (Resistor)
ඉහත පරිපථ වල R1,R2,R3.. ලෙස දක්වා ඇත්තේ මෙම  උපාංඟයයි. අග්‍ර +,- නැති අතර අගය බඳේ සලකුණු කර ඇත්තේ වර්ණ කේත ක්‍රමයකටය. (අගය ලබා ගන්නා ආකාරය ගැන ලිපියක් මෙතනින් )
ඩයෝඩ (Diode)

D1-D4 :- 1N4007 ලෙස දක්වා ඇත්තේ මෙයයි. මෙහි ( - ) අග්‍රය පැත්තේ බඳේ සලකුණක ඇත.
Previous
Next Post »