Tuesday, June 9, 2015

23 MP කැමරාවකින් 120 MP ෆොටෝ ගන්න පුලුවන් ෆෝන් එකක්

චීනයේ ජංගම දුරකතන නිෂ්පාදන සමාගමක් වන Gionee සමාගම විසින් විශ්මිත තාක්ෂණයකින් යුත් කැමරාවක් සහිත දුරකතනයක් හදුන්වා දීමට නියමිතයි.  Gionee E8 ලෙස හඳුන්වා ඇති මෙම දුරකතන්යේ කැමරාව මෙගාපික්සල් 23 වන නමුත් මෙගාපික්සල්120 තරම් අධි විභේදනයක් සහිත පින්තූරයක් මෙහි යොදාගන්නා තාක්ෂණික ක්‍රමයක් භාවිතයෙන් ලබාගැනීමට හැකිය. එය හරියට නොකියා දුරකතන වල භාවිත වන Nokia's Pureview තාක්ෂණයට සමානය.
මෙය තරමක් විශ්වාස කල නොහැකි දෙයක් ලෙස පෙනුනද Gionee සමාගම සිය ෆේස්බුක් පි‍ටුවේ E8 දුරකතනයෙන් ලබා ගත් ඡායාරූපයක් ප්‍රසිද්ධ කොට ඇත. එසේම මෙහි ඇති තවත් විශේෂත්වයන් වන්නේ ඉතා වේගවත් නාභි ගත කිරීමේ හැකියාව (High Speed Focus Speed) හා වේගවත් පින්තූර ගැනීමේ (Shutter speed) හැකියාවයි (හරියට Sony cybershot වගේ) . තොරතුරු වලට අනුව මෙම වේගය ඔවුන් පෙර ඉදිරිපත් කල Elife S7 වේගයටත් වඩා E8 වලදී වැඩි කර ඇත.
මෙම තොරතුරු මුලින්ම පිටවී ඇත්තේ චීන TENAA නියාමන මණ්ඩලයෙනි. ඒ තොරතුරුවලට අනුව 23MP තරම් වූ E8 සතු කැමරාව මගින් ගන්නා ඡායාරූප විශේෂ තාක්ෂනික ක්‍රමයක් යොදා ගෙන 100MP තරමට පරිවර්ථනය කරන බවයි. එම තාක්ෂණය ප්‍රසිද්ධ නැති නමුත් Nokia's Pureview හිදී යොදා ගන්නා තාක්ෂණයටම සමාන තාක්ෂණික උපක්‍රමයක් මෙහිදී භාවිත වන බව විශ්වාස කෙරේ.
මෙම දුරකථනය තවමත් වෙළඳ පොලට එවා නොමැති අතර එහි ඇති හැකියාවන් පිලිබඳ GSM Arena වෙබ් අඩවිය නිකුත් කල තොරතුරු වලට අනුව මෙයට පික්සල් 2,560 x 1,440 ,අඟල් 6  AMOLED තිරයක් ,3GB RAM මතකයක්,ඇඟිලි සලකුණු කියවනයක්,1.9GHz octa-core MediaTek ප්‍රොසෙසරයක් හා 8MP ඉදිරිපස කැමරාවකින් සමන්විත වේ යැයි අනුමාන කෙරේ. Gionee දුරකථන චීනය, ඉන්දියාව, හා තවත් රටවල් සිය ජංගම දුරකථන අලෙවි කරනු ලබයි.

No comments:

Post a Comment