3D ප්‍රින්ටරයකින් ශරීර අවයව මුද්‍රණය කිරීමේ තාක්ෂණයක්

හදිසි අනතුරු හා විවිධ ආබාධ නිසා ශරීරයේ කොටස් අහිමි වූ හෝ ඉවත් කිරීමට සිදුවූ පුද්ගලයින් ලොව පුරා සිටියි. එයට විසඳුමක් ලෙස එම කොටසට සරිලන ප්ලාස්ටික් අවයව බද්ධ කිරීම දැනටමත් සිදු කරයි. නමුත් එය එතරම් සාර්ථක් වූ ක්‍රමයක් නොවේ. නමුත් සාමාන්‍ය තීන්ත වෙනුවට සෛල යොදාගෙන ශරීර අවයව මුද්‍රණය කිරීමක් ගැන අසන්න ලැබුණෝතින්. සමහරවිට පුදුම වෙන්නත් පුලුවන්.
අවයව මුද්‍රණය සඳහා "පටක මුද්‍රණය" (biofabrication) පිළිබඳ බොහෝ කාලයක් තිස්සේ විද්‍යාඥයින් අධ්‍යනය කරමින් සිටී. ඒ අතරින් මේ පරික්ෂණ සඳහා මුල් තැනක් ගත් Danny Cabrera හා Ricardo Solorzano යන විද්‍යාඥයින් දෙදෙනාගේ පරීක්ෂණයන් මේ වන් විට සාර්ථක ප්‍රථිඵල අත්කරගෙන ඇත. ඒ අනුව ඔවුන්ගේ සමාගම වන BioBots ආයතනය විසින් අවයව මුද්‍රණයට 3D ප්‍රින්ටරයක් නිර්මාණය කර තිබේ. භාවිතයට පහසු මිල අඩු, වෙගවත් උපාංඟයක් ලෙස මෙය ඉදිරිපත් කිරීම ඔවුන්ගේ අදහසයි.
  මෙම උපකරණය නිපදවීමේදී සැලකිල්ලට ගත් ප්‍රධාන කරුණක් ඇත. දැනටමත් පවතින පටක මුද්‍රණ යන්ත්‍ර වල එම ක්‍රියාවලිය සිදු කිරීමේ දී පාරජම්බුල කිරණ (UV) යොදා ගැනීම හා අධික පීඩනයක් එල්ල කිරීම සිදු විය. නමුත් ජෛව සෛල සඳහා පාරජම්බුල කිරණ අහිතකර වේ. ඒ වෙනුවට BioBots '3D ප්‍රින්ටර්යේ යොදා ගන්නේ අහිතකර නොවන නිල් පැහැති ආලෝකයයි. මුද්‍රණය සඳහා අවශ්‍ය සෛල එකිනෙක සම්බන්ධව දාමයක් ලෙස ප්‍රින්ටරය තුල පවතී. ප්‍රින්ට් කිරීමෙදී මේ සෛල දාමය ද්‍රව පීඩකයක් (hydraulic pressure) මගින් ඉවතට ගැනීම සිදුකරයි. මුද්‍රණයට අවශ්‍ය සැකැස්ම අනෙක් 3D ප්‍රින්ටර් වල් මෙන් CAD හෝ වෙනත් 3D මෘදුකාංඟයක් මගින් ලබාදිය හැකිය.
මෙම නිපැයුම තවමත් වෙළඳපොලට එවා නැති අතර ඔවුන් දැනටමත් විවිධ මූලාදර්ශ (phototype) කිහිපයක් නිපදවා ඇත. ඒවා විවිධ රටවල සිටින වෛද්‍ය වරුන්ගේ සහයද ලබා ගෙන මෙම නිපැයුම එදිනෙදා භාවිතයට පහසු, ආරක්ෂාකාරි උපකණයක් ලෙස ලෝකයාට ඉදිරිපත් කිරීමට ඔවුන් සැලසුම් කර තිබේ. උපකරණය තවදුරටත් දියුණු කිරීම සඳහා ඔවුන් අරමුදලක් පිහි‍ටුවීමටද සූදානම්ව සිටී.
නුදුරු අනාගතයේම අපට නිවසේදී සිදුවන හදිසි අනතුරු වලට ප්‍රතිකාර නිවසේදීම සිදුකල හැකිවනු ඇත.ඒ බෙහෙත් වෙනුවට සජීවී සෛල යොදාගෙනය.
Previous
Next Post »