අයි පෑඩ් ඇප් එකක් නිසා ඇමරිකා ගුවන් ගමන් ප්‍රමාද වේ

ගුවන් නියමුවන් විසින් යොදා ගන්නා ඇපල් අයි පෑඩ් ඇප් එකක් නිසා ඇමරිකා ගුවන්යානා 24 ප්‍රමාද කිරීමට හා ආපසු හරවා යැවීමට සිදුවී ඇත.
ඇමරිකානු ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක වන කේසි නෝටන් පවසන අන්දමට ගුවන් ගමනට අදාල සිතියම් හා ගුවන් ගමන් විස්තර පවත්වාගෙන යනු ලබන ඇප් එකකින් මෙම දෝෂය හටගෙන තිබේ. මෙහිදී සමහරක් ගුවන් නියමුවන් හට එම ගැටලුව නිරාකණය කර ගැනීමට හැකිවී ඇති අතර, එසේ නොහැකි වූ ගුවන් යානා නැවත හරවා යවන්නට පියවර ගෙන තිබේ.  දෝෂය කුමක්දැයි තවමත් නිෂ්චිතව සොයාගෙන නෝමැති අතර, මේ ගැටලුව අනෙක් ගුවන් ගමන් වලට බාධා ඇති නොකරන බවත් ගුවන් යානා කිහිපයකට පමණක් සිදුවූ ගැටලුවක් පමණක් බවත් වැඩි දුරටත් දන්වා තිබේ. සිදුවූ ප්‍රමාද දෝෂය පිළිබඳ කෝපයට පත්වූ ඇතැම් අය ට්විටර් හරහා ඇමරිකානු ගුවන් සේවයට ප්‍රතිචාර දක්වා ඇත. මෙයට අදහස් දක්වමින් ඇමරිකානු ගුවන් සේවය පවසා ඇත්තේ මේ ගැටලුව සම්බන්දව මගීන්ට සිදුවන අපහසුතා ගැන තමන් කණගා‍ටු වන බවත් එයට සමාව අයදින බවත් දෝෂය නිරාකරණය කිරීමේ කටයුතු අරඹා ඇති අතර හැකි ඉක්මණින් ප්‍රකෘති තත්වයට පත් කරන බවත්ය.
Previous
Next Post »