Sunday, April 5, 2015

ක්‍රැක් කරපු වින්ඩොස් වර්ෂන් වලටත් වින්ඩෝස් 10 නොමිලේ!

දැන් ලෝකයේ භාවිතා වන පරිගණක සෑම 10 කින් 8 කම ඇත්තේ කුමක් හෝ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකි. එහෙත් ඒවායින් වැඩි හරියක් නියමාකාරයෙන් මිළදී නොගත් එනම් ව්‍යාජ සංස්කරණයන්ය. මයික්‍රෝසොෆ්ට් සමාගමේ ප්‍රධානම වෙළඳ භාණ්ඩය හා සමාගමේ සංකේතය බඳු වූ වන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නොමිලේ ලබා දීම ගැන බොහෝ දෙනෙක් පුදුම වනු ඇත.ඒ එය නිත්‍යානුකූල නොවන ව්‍යාජ සංස්කරණ වලට පවා නොමිලේ ලබා දීමට යාම නිසාය. 
මෘදුකාංඟ ක්‍රැක් කිරිම වැලකීමට නොයෙක් උපක්‍රම තැනීමට මයික්‍රෝසොෆ්ට් සමාගම දැඩි වෙහෙසක් ගත්තේය. එහෙත් ඔවුන් ගසන හැම දහන් ගැටයක්ම ලෙහා ගන්නට ලෝකයේ සිටින මෘදුකාංඟ ක්‍රැක් කරන්නන් හට හැකි විනි. මයික්‍රෝසොෆ්ට් ප්‍රධාන වෙළඳ භාන්ඩය වින්ඩෝස් වුවත් ඉන් ඔවුන් ලබන්නේ සමස්ථ ආදායමෙන් 16% පමණ ප්‍රමාණයකි. ඉතිරි සියල්ල වින්ඩෝස් ෆෝන් හා ඔ‍ෆිස් 365 වැනි අනෙකුත් ක්ලවුඩ් සේවා වලින් උපයා ගනී.මේ නිසා මයික්‍රෝසොෆ්ට් සමාගම මෙම තීරණයට එළඹ තිබේ. එවිට වින්ඩෝස් ස්ඳහා ලබා දෙන අනෙකුත් පහසුකම් නිවැරදිව ලබා දිමටත්, ක්‍රැක් කිරීමට යාමේදී සිදුවන මැල්වෙයා, වෛරස් ඇතුලු වීම වැනි කරදර ද මේ නිසා නවතිනු ඇත.මේ නිසා වින්ඩෝස් 10 ස්ථාපනය කිරීමට අමුතුවෙන් ක්‍රැක් සෙවීමට අවශ්‍ය නොවේ. මන්ද ලැබෙන්නේ නියම ඔරිජිනල් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් බැවිනි.

No comments:

Post a Comment