අපේ පරිගණකයේ හිටි අඩියේම ක්‍රියා විරහිත වන අවස්ථා තිබේ. එවිට පරිගණකය ක්‍රියාත්මක නොවී ඇතුලතින් "බීප්" හඬක් ඇසෙනවා ඇති. එය නිකම්ම නිකන් හඬක් නොවේ. ඒ හැම හඬකින්ම කිසියම් පණිවිඩයක් ලබාදේ. එනම් පරිගණකය ක්‍රියාත්මක නොවීමට අදාල හේතුව කුමක්ද යන වග මින් කියවේ. බොහෝ දෙනෙක් මේ ගැන නොදනී. නමුත් අපට ඒ බීප් කේතයෙන් කියවෙන දේ දන්නේ නම් දෝෂය පහසුවෙන් නිරාකරණය කර ගත හැකිය. මේ තිබෙන්නේ එම බීප් කේත හා එයින් කියවෙන පණිවිඩයි. නමුත් මේ කේත මව්පුවරුවේන්, මව්පුවරුවට වෙනස් වේ. ඒ නිසා දෝෂය සෙවිමට ප්‍රථම පරිගණකයට අයත් මව්පුවරුව තෝරාගන්න.
AMI බයෝස් බීප් කේත
බීප් කේතය | පණිවිඩය |
කෙටි හඬ 1 | DRAM රී-ෆ්රෙෂ් වීමේ දෝෂයකි |
කෙටි හඬ 2 | පරිපථයේ දෝෂයකි |
කෙටි හඬ 3 | 64K RAM දෝෂයකි |
කෙටි හඬ 4 | පද්ධති කාල ගණකයේ (System timer) දෝෂයකි |
කෙටි හඬ 5 | ප්‍රොසෙසරයේ දෝෂයකි(CPU) |
කෙටි හඬ 6 | කී බෝඩයේ දෝෂයකි |
කෙටි හඬ 7 | Virtual mode exception දෝෂය |
කෙටි හඬ 8 | මතකය කියවීම/ලිවීම හඳුනාගත නොහැක. |
කෙටි හඬ 9 | ROM බයෝස් දෝෂයකි |
කෙටි හඬ 10 | CMOS කියවීම/ලිවී මේ දෝෂයකි |
කෙටි හඬ 11 | කෑෂ් මතකයේ දෝෂයකි |
දිගු හඬක් හා කෙටි හඬ 3 | මතකයේ දෝෂයකි |
දිගු හඬක් හා කෙටි හඬ 8 | වීඩියෝ දෝෂයකි |
AWARD බයෝස් බීප් කේත
බීප් කේතය | පණිවිඩය |
දිගු හඬක් හා කෙටි හඬ 2 | ඩිස්ප්ලේ ඇඩැප්ටරය හඳුනාගත නොහැක |
Any other beep(s) |
Dell බයෝස් බීප් කේත
බීප් කේතය | පණිවිඩය |
බීප් හඬ 7 (නොනැවතී) | ප්‍රොසෙසරයේ දෝෂයකි (CPU) |
IBM බයෝස් බීප් කේත
බීප් කේතය | පණිවිඩය |
කෙටි හඬ 1 | කිසිඳු දෝෂයක් නොමැත |
කෙටි හඬ 2 | POST දෝෂයකි |
නොනැවතී නාදවීම | විදුලිය ලැබීමේ දෝෂයක් / එක්ස්පැන්ෂන් කාර්ඩ් බුරුල් වීමක් හෝ පරිපථ ලුහුවත් වීමක් (ෂෝට් වීමක්) |
කෙටි බීප් හඬක් නොනැවතී නාදවීම | විදුලිය ලැබීමේ දෝෂයක් / එක්ස්පැන්ෂන් කාර්ඩ් බුරුල් වීමක් හෝ පරිපථ ලුහුවත් වීමක් (ෂෝට් වීමක්) |
දිගු හඬක් හා කෙටි හඬ 1 | මව්පුවරුවේ (Motherboard) දෝෂයක් |
දිගු හඬක් හා කෙටි හඬ 2 | වීඩියෝ දෝෂයකි (Mono/CGA Display Circuitry) |
දිගු හඬක් හා කෙටි හඬ 3 | වීඩියෝ පරිපථ දෝෂයකි (EGA) |
දිගු හඬ 3 | කී බෝඩයේ දෝෂයකි |
Phoenix බයෝස් බීප් කේත
බීප් කේතය | පණිවිඩය and what to check |
1-1-1-1 | රැම් දෝෂයකි |
1-1-2-1 | CPU හඳුනාගැනීම |
1-1-2-3 | හාඩ්වෙයා හඳුනාගැනීම |
1-1-3-1 | චිප්සෙට් හඳුනාගැනීම |
1-2-2-1 | කී බෝඩය හඳුනාගැනීම |
1-2-2-3 | BIOS ROM හඳුනාගැනීම |
2-1-1-1 | CPU වේගය හඳුනාගැනීම |
2-2-1-3 | කී බෝඩය පරික්ෂා කිරීම |
2-2-3-3 | “Press F2 to enter SETUP” දර්ෂණය වීම |
2-4-1-1 | දෝෂයක් දර්ෂණය වීම |
2-4-1-3 | දෝෂයක් පරික්ෂා කිරීම |
2-4-2-3 | කී බෝඩයේ දෝෂයක් පරික්ෂා කිරීම |
EmoticonEmoticon