ෆාස්ට් ඇන්ඩ් ‍ෆියුරියස් ගේම් එක

ෆාස්ට් ඇන්ඩ් ‍ෆියුරියස් කියන්නෙ මෝටර් රථ ධාවන ප්‍රිය කරන අය අතරේ බොහෝ ජනප්‍රිය වූ සිනමා නිර්මාණයක්. මේ එහි තේමාව මුල් කර ගනිමින් නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩාව ගැනයි.
මේක ඉදිරිපත් කරන්නේ Forza Horizon 2 නමින් (Forza Horizon 2 Presents Fast & Furious) ය. මෙම ක්‍රිඩාවේදී ෆාස්ට් ඇන්ඩ් ‍ෆියුරියස් හි තිබෙන ත්‍රාසජනක අත්දැකීම් එලෙසම විඳගැනීමට හැකි බව එහි නිර්මාණ කරුවන් (Turn 10 Studios) විසින් පවසා සිටි. ෆාස්ට් ඇන්ඩ් ‍ෆියුරියස් හි සිටින කාර්මික ශිල්පියා වන ටෙජ් පාකර් විසින් ක්‍රීඩකයා මෙහෙයවන අතර ඔහු විසින් කණ්ඩායම (crew) ඉදිරියට ‍රැගෙන යාම හා තරඟ සඳහා යොමු කිරීම සිදු කරනු ලබයි. මෙහිදී ක්‍රීඩකයාට එල්ලවන අභියෝග ජයගෙන නව මෝටර් රථ ලබා ගැනීම හා ඒවා භාවිත කර තරඟයේ ඉදිරියට යාම සිදුකල හැක. Forza Horizon 2 හි දී මෝටර් රථ 11ක් ලැබෙන අතර ඉදිරියේදී එළිදැක්වීමට නියමිත Fast & Furious 7 චිත්‍රපටයේ ඇතුලත් මෝටර් රථ කිහිපයක් ද මෙහි ඇතුලත් ය. මෙය ඉදිරිපත් කරන්නේ අප්‍රේල් 7 වනදා  Fast & Furious 7 එලිදැක්වීමෙන් අනතුරුව අප්‍රේල් 10 වන දාය. මාර්තු 27 වන දා සිට අප්‍රේල් 10 දක්වා Xbox 360 හා Xbox one සඳහා මෙය නොමිලේ ලබා ගත හැකිය. ඉන් පසු මෙහි මිල වන $10 ගෙවා ලබා ගත යුතුය.

Previous
Next Post »