මයික්‍රෝසොෆ්ට් වෙතින් රෙස්ලින් ක්‍රීඩකයන්ට අත් පටියක්

රෙස්ලින් ක්‍රීඩකයින් සඳහා නිපදවූ විශේෂිත අත් පළඳනාවක් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් දැන් නිපදවා තිබේ. මේ නව උපාංඟය වෙළඳ පොලෙන් පහසුවෙන් මිලදී ගත හැකිවන පරිදි එය සංවර්ධනය කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගම දැන් කටයුතු සිදු කරයි. එසේම WrestleMania 31 දී ලෝ ප්‍රකට WWE ක්‍රීඩකයින් දෙදෙනෙකු වන රයිබැක් හා ඩොල්ෆ් සිගර් යොදා ගෙන මෙය අත්හදා බැලීමට නියමිතය. මෙම තරඟය අද දින Santa Clara ක්‍රීඩාංඟනයේදී පැවැත්වේ.
මෙහිදී මෙම අත් පළඳනාව රයිබැක් හා ඩොල්ෆ් සිගර් විසින් පළඳින අතර ඔවුන්ගේ ශරීර සුවතා මට්ටම මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් සවිකරන ලද තිරයක් (Microsoft Health live Dashboard) මඟින් ප්‍රේක්ෂකයන්ට දැක බලා ගත හැකිය. විශේෂිත කරුණක් වන්නේ මෙම ශරීර සුවතා මට්ටම් ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා බලා ගත හැකි වීමයි
            රෙස්ලිං ක්‍රීඩාව ඉතා භයානක ක්‍රීඩාවකි. එහිදී ඇතැම් විට මරණය පවා අත් විය හැකිය. මීට දින කිහිපයකට ඉහත දී ද එවැනි සිදුවීමක් වාර්ථා විය. මෙම නිෂ්පාදනය තුලින් එවැනි අවාසනාවන්ත ඉරණම් වලින් ක්‍රීඩකයන් මුදවා ගැනීමට හැකිවනු ඇත. එසේම WWE ට ඇදී එන රෙස්ලිං ක්‍රීඩා ලෝලීන් වැඩි කර ගැනීමට හැකි වනු ඇතැයි WrestleMania හි අදහසයි.
Previous
Next Post »