ඩ්‍රයිවර්ස් ලේසියෙන්ම හොයා ගන්න, බැකප් කරගන්න විදිහ..

කොම්පියුටරය ෆෝමැට් කරපු ගමන් ගොඩක් අයට එන ගැටලුවක් තමයි ඩ්‍රයිවර්ස් හොයාගන්න එක. වින්ඩෝස් එක්ස්පී වල නම් ඩ්‍රයිවර්ස් නැතුව සවුන්ඩ් වත් වැඩ කරන්නෙ නෑ. අලුත් ඕඑස් වල නම් ඒ ගැටලුව නෑ. ඒත් නෙට්වක් ග්‍රැ‍ෆික් වගේ ඩ්‍රයිවර්ස් නැතුව වැඩ කරන්න ටිකක් අමාරුයි. මේ තියෙන්නෙ ඒකට විසඳුම්..
ඩ්‍රයිවර්ස් බැකප් කර ගන්න ඩබල් ඩ්‍රයිවර්
වයිර්ස් එකක් ගිහින් එහෙමත් නැත්නන් වෙන මොකක් හරි ගැටලුවකදී මේ වැඩේ කරන්න පුලුවන්. ඒ තමයි ඩ්‍රයිවර්ස් බැක්ප් කරල තියා ගන්න එක. ඒකට නොමිලේ දෙන හොඳ සොෆ්ට්වෙයා එකක් තියෙනවා.  මේ සොෆ්ට්වෙයා එක ඩබල් ඩර්යිවර් (Double Driver). ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ.මේකෙන් වැඩ කරන්නෙ මෙහෙමයි.
*මේ තියෙන්නෙ ඩබල් ඩ්‍රයිවර් එකේ වින්ඩෝ එක
*මෙ වින්ඩෝ එකේ උඩින් තියෙන Backup කියන එක ක්ලික් කරන්න.
*දැන් Scan Current System කියන එක ක්ලික් කරන්න. දැන් ඉන්ස්ටෝල් කරල තියෙන ඩ්‍රයිවර්ස් පෙන්නාවි.
*ඊළඟට පහලින් තියෙන Backup Now බට්න් එක ක්ලික් කරන්න.දැන් සේව් කරන්න කැමති තැනක් දීලා බැකප් කරගන්න. කොම්පියුටරේ ෆොර්මැට් කරනවනම් ඩ්‍රයිවර්ස් ටික පෙන් එකකට බැකප් කරන එක තමයි හොඳ.
රී ස්ටෝ කරන විදිහ
*සොෆ්ට්වෙයා එක ඕපන් කරලා Restore කියන එක ක්ලික් කරන්න. 
*ඊට පස්සෙ බැකප් කරපු තැනින් ෆෝල්ඩර් එක ‍තෝරන්න. දැන් ඩ්‍රයිවර්ස් ටික රීස්ටෝ කරන පුලුවන්.
ඩ්‍රයිවර්ස් හොයා ගන්න ත්‍රීඩීපී චිප්
                    මේ සොෆ්ට්වෙයා එකෙන් ලේසියෙන්ම ඩ්‍රයිවර්ස් හොයල ඉන්ස්ටොල් කරන්න පුලුවන් පෝටබල් සොෆ්ට්වෙයා එකක්. කොම්පියුටරයෙ දැනට තියෙන ඩ්‍රයිවර්ස් වගේම ඉන්ස්ටොල් කරල නැති  ඩ්‍රයිවර්ස්  හොයා ගෙන ඩවුන්ලෝඩ් කරන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන්.
Previous
Next Post »