Visual Basic වලින් පියානෝවක් හදමු..

විෂුවල් බේසික් ලැංවේජ් එකෙන් මහා ලොකු සොෆ්ට්වෙයා හදන්න බැරි වුනාට ඉතා අලංකාර කුඩා ඇප්ලිකේෂන් මේකෙන් හදන්න පුලුවන්. අන්න ඒ වගේ හදපු ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේක. මේ තියෙන්නෙ VB 6.0 වලින් හදපු පියානෝවක්. පුංචි සොෆ්ට්වෙයා එකක් වගේ පෙනුනට VB ඉගෙනගන්න අයට මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඇත්තටම මේකෙ සංකල්පය තමයි MiDi කියන ෆයිල් ෆෝර්මැට් එක.  FL Studio එහෙමත් නැත්නම් ACID Pro වල හරි වැඩ කරල තියෙන අය ඉන්නවනම් මේ ෆෝමැට් එක ගැන දන්නවා ඇත්. මම ඒ ගැන මෙතනදි කියන්න නෑ. කැමති කෙනෙක් ඉන්නවනම් ගූගල් සර්ච් එකක් දාලා බලන්න.
මේ පියානෝ එක වැඩ කරන්නෙ Access ඩේටා බේස් එකක් එක්ක. ඒ කියන්නෙ ප්ලේ වෙන්න ඕනි මිඩි ට්‍රැක් db එකේ දාලා තියෙනවා. කී ප්‍රෙස් කරනකොට ඒවා ප්ලේ වෙනවා. මේ සොෆ්ට්වෙයා එකෙන් ප්ලේ කරන්න විතරක් නෙවෙයි, ඒවා රේකොර්ඩ් කරන්න, ප්ලේ කරන්නත් පුලුවන්. සෝස් කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ...ඊට පස්සෙ තමන්ට කැමති විදිහට වෙනස් කරලා අලුත් දෙයක් කරන්න බලන්න... මොනවාම හරි ගැටලුවක් තියෙනවනම් කොමෙන්ට් එකක් දාන්න... 
Previous
Next Post »