Tuesday, January 13, 2015

නවන්න, කෑලි කපන්න බැටරිය ඒත් වැඩ...!

බැටරිය ජංගම උපාංග වල තියෙන වැදගත්ම කොටසක්.ඒක උපාංගයේ ජීවය කිව්වොත් නිවැරදී. ඒත් ජංගම උපාංග දියුණු කිරීම් වලට මේවා තරමක බාධාවක් වුණා. ඒකට හේතුව තමයි බැටරිය නම්‍යශීලී නොවන දෘඩ වස්තුවක් වුණ එක. මේ තියෙන්නෙ ඒකට විසඳුමක් විදිහට අලුතෙන්ම හොයාගෙන තියෙන බැටරිය.
මේ බැටරියෙ නම ProLogium. මේක ලෝකයේ සිහින්ම නම්‍යශීලී FLCB (flexible printed circuits lithium-ceramic battery) බැටරියයි. මේකෙ තියෙන විශේෂතා තමයි නැමා රෝල් කලත්, කොටස් කපා දැමුවත් මේ බැටරිය ක්‍රියාකාරිත්මක වීම. ඒ වගේම සාමාන්‍ය ලිතියම් බැටරි වගේ කාන්දු වෙන්නෙ නැති නිසා පිපිරීම් ගිණි ගැනීම් වලට ලක්වෙන්නෙත් නෑ. තවත් දෙයක් තමයි මේ බැටරියක ගණකම මිමි 0.2-0.45 තරම්. ඒ නිසාම බරෙනුත් අඩුයි.
LG හා Apple වලදී යොදා ගන්නා ලද තාක්ෂණයේ දියුණු කිරීමක් මේ බැටරියේ යොදා ගැනෙනවා. මේ නිර්මාණය නිසා දැනට තිබුණු ලොකු තාක්ෂණික බාධාවක් ඉවත්වෙලා තියෙනවා. ඒ නිසා අනාගතයේදී එන ඔරලෝසු, නැමෙනසුලු දුරකථන, රෝල් කරන ලැප්ටොප් (රෝලර් ටොප්!) වලටත් මේ බැටරියේ අගය කියලා නිම කරන්න බැරිවේවි.

No comments:

Post a Comment