ගූගල් ට්‍රාන්ස්ලෙට් භාවිතයෙන් වෙනත් බසක් සිංහලට පරිවර්ථනය කරමු

          ළඟකදී ගූගල් සමාගම ඒ අයගේ භාෂා අතරට සිංහලත් ඇතුලත් කලා කියලා දැනටමත් දන්නවා ඇති. ඉතින් ගූගල් වලින් සිංහලින් ගන්න පුලුවන් වැඩ ටිකත් වැඩි වුණා. මේ කියනේ අන්න ඒ වගේ දෙයක්.

මේ සේවාව තමයි ගූගල් ට්‍රාන්ස්ලේට් සේවාව. ඉංග්‍රීසි,ස්පාඤ්ඤ,ප්‍රංශ විතරක් නෙවෙයි තවත් බොහෝ භාෂා වල තියෙන දේ සිංහලට පරිවර්ථනය කර ගන්න පුලුවන්. මේක බොහොම සරල දෙයක්. මුලින්ම https://translate.google.lk කියන වෙබ් සයිට් එකට ගිහින් වම් පැත්තෙ ටෙක්ස් බොක්ස් එකේ ඉහලින් පරිවර්ථනයට තිබෙන වචන වලට අදාල භාෂාව ‍තෝරන්න. දකුණු පැත්තෙන් සිංහල ‍තෝරන්න. 
      දැන් දකුණු පැත්තෙ නොදන්න භාෂාවෙන් ටයිප් කරන කොට අනෙක් පැත්තෙන් ඒකෙ තේරුම ලැබෙනවා. මේ ක්‍රමයෙන් නියම විදිහටම වාක්‍ය ගොඩ නැගෙන්නෙ නැති උනත් ඒකෙ දල අදහස ගන්න පුලුවන්. 
        ඒ වගේම මේකෙ අනෙක් පැත්තටත් ඒ කියන්නෙ සිංහල-ඉංග්‍රීසියට පරිවර්ථනය කරන්නත් පුලුවන්. 
    අපි පරිවර්ථනයට දෙන වචන උච්ඡාරනය කරන් විදිහත් මේකෙදි අහන්න වගේම අතින් ලියල වචන ඇතුලත් කරන්නත් (ටැබ්ලට් තියෙන අයට එහෙම..) පුලුවන්. 

Previous
Next Post »